බස්රථ මංතීරු ක්‍රමය අනුමතයි - ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 26, 2017

බස්රථ මංතීරු ක්‍රමය අනුමතයි - ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

බස්රථ මංතීරු ක්‍රමය අනුමතයි - ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි
මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග කිහිපයක බස්රථ ප්‍රමුඛතා මංතීරුවක් සංකල්පය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ගෙන තිබේ. පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්‍රයේ වෘත්තීයමය ප්‍රවීණයන්ගේද සහාය ඇතිව පසුගිය මාර්තු 12 සිට 23 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක කරන ලද අතර එය මාර්ග තදබදය අඩු කිරීම සඳහා සාර්ථක විසඳුමක් බව එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරු වී ඇතැයි රජය පෙන්වා දෙයි.

වඩාත් දියුණු පොදු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) සහ දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වන බැවින් කඩිනමින් විසඳුමක් සැපයිය යුතු මාර්ග තදබදයට මුහුණ දීම සඳහා පහත සඳහන් පරිදි 'බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය' තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට මධ්‍යම පාන්තික පිරිස් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම:

ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.

* සාම්ප්‍රදායික බස් රථ සහ ත්‍රී රෝද රථ ආනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මඟින් මිටි පත්ල සහිත (Low floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම;

* බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශ පත්‍ර පද්ධතියක් සකස් කිරීම;

* ත්‍රීරෝද රථ/කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම;

No comments:

Post a Comment

Post Bottom Ad