රාජ්‍ය සේවකයින්ට අපමණ අගයක්.. විශ‍්‍රාම වැටුප මුළුමනින්ම අහෝසියි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 11, 2017

රාජ්‍ය සේවකයින්ට අපමණ අගයක්.. විශ‍්‍රාම වැටුප මුළුමනින්ම අහෝසියි..?

රාජ්‍ය සේවකයින් සේවයෙන් විශ‍්‍රාම ගිය පසු ලබා දෙන විශ‍්‍රාම වැටුම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය චෝදනා කරයි.

කම්කරු හා වෘත්තීය සබදතා රාජ්‍ය ඇමති රවීන්ද්‍ර සමරවීර විසින් මෑතකදී කල ප‍්‍රකාශයෙන් මේ බව හෙලි වන්නේ යයිද සංගමය කියයි. රාජ්‍ය ඇමතිවරයා පසුගිය 06 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රාජ්‍ය සේවකයින්ට විශ‍්‍රාම වැටුප වෙනුවට විශ‍්‍රාම යන අවස්ථාවේ එකවර කිසියම් මුදලක් ලබා දීමට අවධානය යොමුව ඇති බවයි.

එසේම 2016 අයවැය යෝජනාවලියේද විශාම වැටුප අහෝසි කර ඒ වෙනුවට දායකත්ව විශ‍්‍රාම වැටුපත් යෝජනා කර ඇතැයිද 2016 වසරේ සිට රාජ්‍ය සේවයට බදවා ගන්නා අයගේ පත්වීම් ලිපිවල විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගන්නා ප‍්‍රතිපත්තියම තීරණවලට යටත් විය යුතු බව සදහන් කිරීමෙන් මෙම තත්වය වඩාත් පැහැදිලි වන්නේ යයිද සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad