අද හවුල් ආණ්ඩුව සමග එක්ව සිටිනා පිරිස ඊළග පළාත් සභා මැතිවරණයේදී තමා සමග නියත වශයෙන්ම එක්වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසනවා.
අද රටේ ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක්වී ඇති බවත් ජනතාවට දරා ගත නොහැකි ලෙසටද ජීවන වියදම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත්ත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
“අද අධිකරණයේ ස්වාධිනත්වය කෙළෙසිලා .අද මිනිස්සුන්ට සැකයක් තියනවා.අපිට කිව්වේ අපි නඩු කාරයෝ පත් කරන්නේ නෑ කියලා.දැන් මෙයාලා මඩකලපුවේ නඩු කාරයා පත් කලේ.මුළු අධිකරණ ක්ෂේස්ත්‍රයම විරුද්ධයි.නීතිඥවරුන් විරුද්ධයි.ටි .එන් .ඒ එකෙන් මොකක්ද කියන්නේ අස් කළොත් බලාගෙනයි.අපි කරන දේ බලා ගන්න කියලා කියනවා.රට පාලනය කරන්නේ කවුද කියලා හිතා ගන්න බෑ .
රනිල් කියනවා එයා කියලා.අන්තිමට රාජිත කියනවා උන් එකෙක්වත් නෙමේ මමය කියලා.රාජිතගේ පුතා කියනවා ඔහු තමා කරන්නේ කියලා. අපේ ලංකාවේ ඉන්නේ ලෝකයේම හොදම මුදල් ඇමති. හැබැයි ලුණු පොල්කට්ට ගාවට ගියාට පස්සේ තමා තේරෙන්නේ මුදල් ඇමතිගේ හොද.අපේ කාලයේ ,මම මේ රට භාර ගන්න කොට කොයි තත්වයේද මේ රට තිබුණේ ?මම අඩ අඩ හිටියේ නෑ .අයියෝ චන්ද්‍රිකා නෝනා අරෙහෙම කරලා ගියා මෙහෙම කරලා ගියා කියලා.
මේකට දීලා ගියා වැඩේ කියලා.මට දීලා ගියේ ඉතා පහළ මට්ටම තිබුණ ආර්ථිකයක්.මම ඒවා ගැන කතා කර කර හිටියේ නෑ.එහෙම කළා නම් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ . අපි මේක ජයග්‍රහණය කරන්න ඕන.මේ ආණ්ඩුවට දිනන්න දෙන්න බෑ.කොහොමත් යන්න දෙන්න බෑ. දැන් පළාත් සභා මැතිවරණයේදී ඔය ඔක්කොම අපි එක්ක එකතු වෙනවා.ඔය දැන් අනිත් පැත්තේ ඉන්න කට්ටිය අපේ දවසට ආපහු එන දවස වැඩි ඈතක නෑ.ඊලග පළාත් සභා මැතිවරණය තියන දවසට මේ අය එනවා එනවාමයි “
Sunday, April 9, 2017
මැතිවරණය අත ළගයි – මහින්දගෙන් ප‍්‍රබල අනාවැකියක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment