දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ මැයි රැළිය තලවාකැලේදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ මැයි රැළිය තලවාකැලේදී

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ මැයි රැළිය තලවාකැලේදී
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA)මෙවර මැයි දිනය තලවාකැලේ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය පී තිගාම්බරම් මහතා සහ නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර මැයි දිනය පැවැත්වේ.

එළැඹෙන මැයි 01 දා මැයි දින රැස්වීම ආරම්භ කිරීමට ප්‍රථම තලවකැලේ දමිළ මහා විද්‍යාලය අසල සිට තලවකැලේ මහජන ක්‍රීඩාංගනය දක්වා මැයි දින පෙළපාලියක්ද සංවිධානය කර තිබේ. දමිළ ප්‍රගතිශීලී සංධානය, වැවිලිකරයේ ජීවත්වන ජනතාව උදෙසා විශාල මෙහෙවරක් ඉටුකරන අතර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරගැනීමේ අරගලයෙහි ලා සුවිශේෂී සේවයක් ඉටුකරයි.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි පී තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ලැයිම් කාමර තුළ ජීවත්වන ජනතාව උදෙසා පර්චස් 07 ක හිමිකම් ඔප්පු සහිත වර්ග අඩි 550 ක තනි නිවාස ඉදිකර දීම ඉන් විශේෂ තැනක් හිමිකරගෙන ඇති අතර වැවිලි ප්‍රජාවගේ යටිතල පහසුකම් හා සෞඛ්‍ය නඟාසිටුවීමට හෙතෙම කැපවී කටයුතු කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad