අලුත් අවුරුද්දෙන් පසු ග්‍රාම නිලධාරීන් සටනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 11, 2017

අලුත් අවුරුද්දෙන් පසු ග්‍රාම නිලධාරීන් සටනට

අලුත් අවුරුද්දෙන් පසු ග්‍රාම නිලධාරීන් සටනට

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හදිසියේ ග්‍රාම නිලධාරීන්ට පනවා ඇති ස්‌ථාන මාරුවීම් ක්‍රියා පටිපාටියට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ඒකාබද්ධතා සංවිධානය පවසයි.

එහි සභාපති සී. ඩී. වන්නිනායක මහතා සඳහන් කළේ අලුත් අවුරුද්දෙන් පසු ආසන්නම දිනයක මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කිසිදු වෘත්තීය සමිතියක්‌ සමඟ හෝ සාකච්ඡා නොකර ග්‍රාම නිලධාරීන් දාහතර දහස්‌ දෙසිය විසිදෙදෙනාටම අදාළ වන ලෙස හිතුමනාපේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

වත්මන් ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී ග්‍රාම නිලධාරිවරයකු වසර 07 ක කාලයක්‌ එක වසමක සේවා කිරීමට හැකිවන පරිදි චක්‍රලේඛ නිකුත් කළ බවත් එමඟින් නිසි ලෙස තම වසම හඳුනාගෙන රාජකාරි කිරීමට පහසු වූ බවත් වන්නිනායක මහතා පැවසී ය.

නමුත් නව චක්‍රලේඛය අනුව වසර 03 ක කාලයක්‌ එක වසමක සේවය කළ සහ ජනප්‍රිය පාසලක්‌ අසල වසමක වසර 02 ක්‌ සේවය කළ ග්‍රාම නිලධාරීන් ස්‌ථාන මාරුවීම් කළ යුතු බව දන්වා චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇති බවත් එමඟින් සිය නිලධාරීන්ට රාජකාරි අපහසුතා සහ අසාධාරණයක්‌ වන බවත් ඔහු කියා සිටියේය.

ස්‌ථාන මාරුවීම් ලැබූ නිලධාරීන්ට එම මාරුවීම් ලබානොගන්නා ලෙසත් වන්නිනායක මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad