ඇමති ධුරයෙන් තමන් ඉවත් කලහොත් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් ලෙස අසුන් ගන්නා බව මුදල් ඇමති දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

ඇමති ධුරයෙන් තමන් ඉවත් කලහොත් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් ලෙස අසුන් ගන්නා බව මුදල් ඇමති දන්වයි

ජනාධිපතිවරයා විසින් සිදු කරන බව පැවසුන කැබිනට් සංශෝධණයේදී මුදල් ඇමති ධුරයෙන් තමන් ඉවත් කලහොත් සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙක් ලෙස විපක්‍ෂයේ අසුන් ගන්නා බව මුදල් ඇමති රවි කරුණානායක එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තා වෙයි.

මුදල් ඇමතිවරයා මෙම තීන්දුව දැනුම් දීමත් සමග අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවකින් පසු කැබිනට් සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇත. ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසට ජනාධිපතිවරයා ගිය වර්ෂය අග භාගයේදී සිටම කියමින් සිටියේ කැබිනට් සංශෝධනයක් සිදු කිරීම ස්ථිර බවයි. ඒ මත ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ප‍්‍රසිද්ධ රැස්වීම්වල පවා කැබිනට් සංශෝධනයක් වන බවත් වැරදි කරන ඇමතිවරුන් පන්වන බවත් කැට තබා කියා සිටියහ.

කෙසේ වෙතත් මේ වන විට එජාපයේ පසුපෙල මන්ත‍්‍රිවරුන් පවා මාධ්‍ය අමතමින් කියා සිටින්නේ ජනාධිපතිවරයාට හිතුමතේ කැබිනට් සංශෝධන සිදු කල නොහැකි බවත් ඒ සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එකගතාවය ලැබිය යුතු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad