අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට සූදානම්වන නව තනතුරත් සමඟ ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.
ඒ මහතා අදාළ අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේ බලය පැවැරීමට යෝජනා වී ඇති බවද පැවසේ. කෙසේවුවද, ඉන් ඔහුට මන්ත්‍රී ධූරය අහිමිවන්නේද යන්න පිළිබඳව සාකච්ඡාවී නොමැති බවද වාර්තාවේ.
මේ අතර පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් කිහිපදෙනෙකු අතර හමුවකදී මෙම කැබිනට් තීරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව පැවසේ. එහිදී ”ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට ජනතාවගේ උද්ඝෝෂණ මර්දනය කිරීමට උපක්‍රම තෝරමින් සිටින බවත්, උද්ඝෝෂණ වැඩි වෙන්නේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග නිසා බවත්, මෙය අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩක් බවත් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා තිබේ.
හමුදාව පාලනය කිරීම සරත් ෆොන්සේකාට පැවරීම, මිලිටරි පාලනයක්ට අතවැනීමක් බව එහිදී පවසා ඇති විජිත හේරත් මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය ආරක්ෂක ලේකම් කළේත් මේ ටිකටම යැයියද, වැලිවේරියේ ජනතාවට වෙඩි තිබ්බේ. හලාවතදී, කටුනායක දී වෙඩි තිබ්බේ එහෙම ඒ ආකාරයටයැයි ද ඉදිරියට එවැනි දේ බලාපොරොත්තු විය හැකි බවට අනතුරු අඟවා ඇති බවද වාර්තා වේ.
මේ තීරණවලින් වැඩිපුරම නාගන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත්, වැඩකරන ජනතාව මර්දනය කරන්න උපාය උපක්‍රම හදන ගමන් කම්කරුවන් එක්ක මැයි දිනය සමරන්නේ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්නකර තිබේ.
(SLM)
Friday, April 28, 2017
Tags
# වීඩියෝ
Share This
About විගස පුවත් I Vigasapuwath
වීඩියෝ
Labels:
වීඩියෝ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment