මහින්ද රාජපක්ෂ යුගයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අලුතින් ලෝක ගුවන් තොටුපොළ අතරට එක් කල අතර දැනට ලොව විශාලතම ගුවන්යාන වන A380 ගොඩ බැස්සවීමට අවශ්‍ය පහසුකම් පුලුල් කොට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ගුවන්තොටුපොල ප්‍රමිතිය සම්බන්ධ නිකුත් කරන F සහතිකය ලබාගැනිමට සමත් විය.
ඒ අනුව එවකට රජය ජපන් අධාර යටතේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් සංවර්ධනය කොට ලොව විශාලතම ගුවන්යාන වන A380 ගොඩ බැස්සවීමට පුලුල් කිරිමට අවශ්‍ය සැලසුම් සකස් කොට තිබුණි. එහෙත් 2017 ජනවාරියේ සිට නැවත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ගුවන් පථය පුලුල් කිරීම ඇ.ඩොලර් මිලියන 50 ක් එනම් රුපියල් මිලියන 7500 ක් වැය කොට ආරම්භ කල අතර එම හේතුව නිසා දිවා කාලයේදී එක දිගටම මාස 3 ක් පමණ ගුවන් තොටුපොළ වසා දැමිමෙන් විශාල පාඩුවක් රටට සිදු විය.
එහෙත් අවසාන ප්‍රතිඵලය වුනේ එසා විශාල මුදලක් මෙන්ම රටේ ආර්ථිකයට පාඩුවක් සිදු කරමින් කරන ලද සංවර්ධනය හරහා එම ගුවන් පථය අවශ්‍ය පරිදි ලොව විශාලතම ගුවන්යාන වන A380 ගොඩ බැස්සවීමට අවශ්‍ය පහසුකම් පුලුල් නොවිමයි.
ඒ අනුව තව දුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල E ග්‍රෙඩ් තත්ත්වයේම පසුවන අතර ආණ්ඩුව අපේක්ෂා කල මහින්ද රාජපක්ෂ යුගයේ ඉදිකල මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ගුවන්තොටුපොල ප්‍රමිතිය සම්බන්ධ නිකුත් කරන F සහතිකය ලබා ගැනිමට අසමත් වී ඇති බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වන සන්ඩේ ටෛම්ස් ප්‍රධාන පුවත ලෙස ගෙන හැර දක්වා ඇත.
Monday, April 10, 2017
Home
අනාවරණ
A380බාන්න බෑ.. කටුනායක ගුවන්පථය මත්තලට වඩා පොඩියි.. ශ්‍රෙණිගත කිරීම්වල මත්තලටත් පහලට.. ගසාකෑම් නිසා ලොකු කරගන්න බැරි වෙලා..
A380බාන්න බෑ.. කටුනායක ගුවන්පථය මත්තලට වඩා පොඩියි.. ශ්‍රෙණිගත කිරීම්වල මත්තලටත් පහලට.. ගසාකෑම් නිසා ලොකු කරගන්න බැරි වෙලා..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment