මෛත්‍රී ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු පත්කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

මෛත්‍රී ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු පත්කරයි

මෛත්‍රී ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු පත්කරයි
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඉ) යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතිඥවරුන් ජනාධිපතිතුමා විසින් මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර ඇත.

ඒ අනුව දයා පැල්පොල, ආරිය බී රැකව, අනුර බණ්ඩාර මැද්දෙගොඩ, නිස්සංක නානායක්කාර, නෙවිල් අබේරත්න, ඩබ්ලිව්.කේ. අනුජ කෞෂික පේ‍්‍රමරත්න, ඒ.එල්.එම්. හෙදයාතුල්ලා, සමන්ත රත්වත්තේ, විජේරත්න ධර්මසේන, උපාලි සේනාරත්න, පද්ම බණ්ඩාර, එස්.කේ. මාරික් පීරිස්, කරුණාරත්න හේරත්, මහේන්ද්‍ර සුවඳරත්න, ඒ.පී.සී.එම්. ජයසේකර, මොහාන් වීරකෝන්, පී.ආර්.එස්.පී. සමරනායක, උපුල් ජයසුරිය, ආනන්ද වික‍්‍රමසේකර, ජේ.සී. වැලිඅමුණ, එම්.ඒ. සුමන්තිරන්, විජය නිරන්ජන් පෙරේරා, කරුණාදේවගේ විමලදාස, මොහොමඩ් නිසාම් කාරියප්පර්, විවේකානන්දන් පුවිදරන් යන මහත්වරුන් මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්ව සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad