අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් සංවිධාන කර තිබූ අද (15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ වූ සම්මන්ත්‍රණයේදී උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ. ‘අලුත් ව්‍යවස්ථාවට පෙල ගැසෙමු' යන මැයෙන් මෙම සම්මන්ත්‍රණය අද පස්වරු 3ට ආරම්භ කිරීමට සූදානම් කර තිබිණි.
එම සම්මන්ත්‍රණය ආරම්භ වූ අවස්ථාවේ ඊට සහභාගී වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට එහි සිටි පුද්ගලයෙකු හූ කියමින් විරෝධය පළ කර තිබේ. රාවය පුවත්පතේ කර්තෘ ජනරංජන මහතා ප්‍රථම දේශනය සඳහා නීතිඥ බිටෝ ප්‍රනාන්දු මහතාට ආරාධනය කළ අතර ඒ අවස්ථාවේදී හිටපු ජනපතිනිය පැමිණියේය.
ඒ සමගම පුද්ගලයෙකු හූ කියමින් විරෝධය පළ කළ අතර ඔහුට සභාවෙන් ඉවත්වන ලෙස ජනරංජන මහතා ඉල්ලීමක් කළේය. ඔහු වරින් වර හූ කියමින් හැසිරීම නිසා සංවිධායකයන් විසින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය. වේදිකාවේ කාන්තා නියෝජනයක් නැතිවීම සම්බන්ධයෙන් ද සභාවේ අය ප්‍රශ්න කිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

No comments:
Post a Comment