හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන්ද දේශපාලනයට එක් වුවහොත් එය ලංකාව තුළ බිහිවන හොදම දේශපාලන නායකත්ව එකතුව බව දේශපාලන විශ්ලේෂක අචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
මෙම එකතුවට පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ද එක්වුවහොත් තමා ජීවත්ව සිටින කාලය තුළදීම 'ආසියාවේ කියුබාව' ලෙස ශ්රී ලංකාව දැකගත හැකිවනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. රනිල් වික්රමසිංහ මහතා හට කිසිවිටක් ජනාධිපතිධුරයක් ලබා ගත නොහැකි බවත් ශ්රිලනිපයේ ස්ථාවරය නිසා කිසිවිටක් ජනාධිපතික්රමය අහෝසි කළ නොහැකි බවත් දයාන් ජයතිලක මහතා ප්රකාශ කළේය.
2019 දී ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා හට ජනාධිපතිවරණයට මුහුණදිය හැකි බවත් බහුතර ජනතාවාදී නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හට රනිල් වික්රමසිංහ අභිබවා යමින් ජයගත හැකි බවත් හෙතෙම කියා සිටියි.

No comments:
Post a Comment