ස්නයිපර් තුවක්කුවෙන් ත්‍රස්තවාදීන් මෙල්ල කළ සුපිරි වීරයා නීරෝගේ සැඟවුණු සුළමුල හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 9, 2017

ස්නයිපර් තුවක්කුවෙන් ත්‍රස්තවාදීන් මෙල්ල කළ සුපිරි වීරයා නීරෝගේ සැඟවුණු සුළමුල හෙළිවෙයි

සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා, අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා චරිත ලෙසය. ඔවුන් ඔබේද මගේද හිත තුල දැවැන්ත චිත්ත රූප මවා ගන්නේ හුදෙක්ම එම චිත‍්‍රපටවල නිශ්පාදකවරුන්ගේ විස්මය ජනක හැකියාව නිසා වීමට පුලූවන.. නමුත් අවසානය ඔවුන් අපට ලබා දෙන්නේ මොනවාදැයි කිසිවෙකු විමසූහොත් අපට ඇත්තේ එකම පිලිතුරකි……

ඒ එය නැරඹීමෙන් අපේ සිතට වින්දනයක් ලැබුවා කීමට පමනි. සැබවින්ම පිළිතුර එපමණකි. එයට හේතුව හුදෙක්ම ඔවුන් තවත් එක් මනෝ කල්පිතයක් නිසාවෙනි. නමුත් අසමසම වෙඩික්කරු නීරෝ…. යනුවෙන් හදුන්වන්නේ තවත් එක් මනංකල්පිතයක් නොව ඔබ මා මෙන් ජීවමාන වූ තවත් එක් මිනිසෙකි. ඔහු මහා වීරවරයෙකු වන්නේ ඔහුගේ අවසන් හුස්ම පොද ඔබද මාද නොව මේ රටේ මිනිසුන් වෙනුවෙන් දන් දුන් නිසාවෙනි. ඔහු නමින් රංජිත් පේ‍්‍රමසිරි විය. කුඩා කල සිටම රට රැකීමට ඔහු මහත් ලෙස ඇලූම් කළේය.



මෙම අරමුණට ඔහුට කිසි දිනක ඔහුගේ මව වූ රීටා මහත්මියගෙන් හෝ පියා වූ ජයසුන්දර මහතාගෙන් විරෝධයක් නොතිබුණි. පල්ලම මඩලානේ උපන් ඔහු ඉගනගතේ ආනමඩුව මඩලාන විදුහලෙනි. ඔහු පාසල් ගමන අවසන් කර වෙනත් රැකියා දෙකක් කලේය. නමුත් තම යටි හිත වද දුන් අරමුණ රට නිදහස් කරගත යුතු බව නිසා ඔහු 1991 පෙබරවාරි මස 12වනිදා 21වන වියේදී යුධ හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ සේවයට බැඳුණි.

පසුව දියතලාව පුහුණු පාසලෙන් මූලික පුහුණුව ලබා ගජබා රෙජිමේන්තුවේ පස්වන බල සේනාවට අනුයුක්ත වුනි. හිත කැමති රැකියාව තෝරා ගත් ඔහුට මේ වන විට ඔහුගේ හිමිකරියද තෝරාගෙන තිබුනි. ඒ නිලූකාය. ඒ අනුව 1994දී ඔහුගේ විවාහය සිදුවුනි. රංජිත් පේ‍්‍රමසිරි රැකියාවට ආදරේ කළා මෙන්ම ඔහුගේ බිරිදටද දැඩි ලෙස ආදරය කළේය. ඔහුගේ කුලූදුල් පුතු රෂ්මික උපන් දිනයේ ඔහු මුලූ ලොවම දිනුවාක් ලෙස සතුටු උනේ දෝරෙගලා ගිය පිය සෙනෙහස තම හිත තුල සගවාගෙනය. ඔහුගේ දෙවන දරුවාගේ එනම් ධනුශ්කගේ උපන්දිනය දා ඔහු මෙලෙසම සතුටු විය.

දැන් ඔයාට දරුවො දෙනෙක්ම ඉන්නවා කියා රංජිත් තම දරුවන් දෙදෙනා තුරුල් කරගෙන නිලූකාට පැවසුවේය. පසුව ඔහුට දියණියකගේ සුරතල් බැලීමට හැකිවිය. ඒ  දිනූපමා ඉපදුනු පසුවය. රංජිත් සැමවිටම කිව්වේ රට වෙනුවෙන් වැඩක් කිරීමට තවත් හමුදාවෙන් ඉහලට යා යුතු බවයි. 


කෝප‍්‍රල් රංජිත් පේ‍්‍රමසිරි ඉලක්ක රාජකාරිය අකුරටම ඉටුකල සැගවුනු වෙඩික්කරුවෙකි. තම වෙඩි උන්ඩයෙන් සතුරාගේ නලල් තලය පසාරුකරගෙන යාමට එක වරම ඉලක්ක කර හැකි අසමසම වෙඩික්කරු ඔහුයි. නීරෝ නමින් අපේ හිත දිනූ අපි වෙනුවෙන් ඉදිරියට ගිය මහා විරුවා ඔහුයි. රාජකාරිය කොතරම් භාරධූර වූවද ඔහු තම නිවසට දින දෙකකට වරක් හෝ සතියකට වරක් ඔහු නිවස අමතයි. ඒ තම පවුල ගැන ඔහු හිත තුල තිබූ ලෙන්ගතු කම නිසාවෙනි.

එදා අප‍්‍රියල් 27දා 11.30ට පමන රංජිත් නිවසට කතා කලේය.ඒ වන විට ඔහුගේ බිරිද සිටියේ අසනීපයෙනි.  නාන්න එපා උණ වැඩි වෙයි, ඔහු තම බිරිදට පැවසුවේය. මම පරිසම් වෙන්නම්. ඔයා මට වඩා පරිසම් වෙන්න රංජිත්ගේ බිරිද පැවසීය. ඔහු ඒ වන විටත් පුදුමාතලම්හි පළමු පස් බැම්ම ලඟ කොටි ත‍්‍රස්ථයන්ගෙන් මිදී පැමිනෙන ද්‍රවිඩ ජනතාවට මුවා වී පැමිනෙන කොටින් ඉලක්ක කරමින් සිටියේය.

අප‍්‍රියල් 28වනදා විරෝධාර හමුදාව දෙවන පස් බැම්ම අත් පත් කරගත් පසු ඔහු එතන තම ඉලක්ක ගනිමින් සිටියේය. එය එතරම් පහසු කටයුතක් නොවීය. ඔහු තම ඉලක්කයක් ගතේය. නමුත් ඒ තප්පරයේදී ඔහුට නොසිතූ දෙයකට මුහුණදීමට සිදුවිය. ඒ නොසිතූ මොහොතක සැගවුනු කොටි වෙඩික්කරුවෙකු රංජිත් ඉලක්ක විය. යුද බිමට යුද්ධයට කිසි විටෙකත් බිය නොවූ ඒ අසමසම වෙඩික්කරු ඔබට මටද අපේ රටේ මතු උපදින දරුවන්ටද නිදහස් නිවහල් රටක් තනාදීම වෙනුවෙන් දියතලාව ප‍්‍රගුන පුහුනු පාසලට යටත්ව සටන් බිමට වැද කොටින් තම වෙඩි උන්ඩයෙන් මවිත කරමින් විස්කම් පෑ කෝප‍්‍රල් රංජිත් පේ‍්‍රමසිරි හෙවත් නීරෝ තම අවසන් හුස්ම පොද මේ පින් බිමට පූජාකර අප‍්‍රියල් 28 වනදා 41වන වියේදී සදහටම දෙනෙත් වසාගත්තේය. 


ඒ වනවිට ඔහුගේ ඉලක්කය නොවැරදුන වාර ගණන 214ක් බව පැවසේ. එයා හැම වෙලාවෙම කීවේ මැරිල හරි කමක් නෑ දරුවන්ට රටක් ඉතුරු කරන්න ඔනේ කියන එක යැයි ඔහුගේ බිරිද පැවසීය. කෝප‍්‍රල් රංජිත් පේ‍්‍රමසිරි මියයන විටත් රණබිමේ දැක්වූ වීර වික‍්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික‍්‍රමාන්විත විභූෂන ,රණ වික‍්‍රම සහ රණ ශූර යන පදක්කම්වලට නිර්දේශ ලැබ තිබිණි ….

ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය. විරුවනි අපි ඔබට සදා ණය ගැතියි.




No comments:

Post a Comment

Post Bottom Ad