ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් පත්‍රය කූට ලෙස ව්‍යාජව සකස් කර හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දි මුදලක් ඉල්ලා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එන්තරවාසියක් යොමු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා සඳහන් කර සිටියි.
අනුව මුදල් අමාත්‍යවරයාගෙන් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වන බවද හෙතෙම පැවසීය.
බැඳුම්කර වංචාවට අදාළව ගැසට් පත්‍රය 2015 ජනවාරි මස 01 වැනි දින මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කර ඇති බව රවි කරුණානායක මහතා හෙළිදරව් කෙළේය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පසුගියදා තහවුරුකර සිටියේ අදාළ ගැසට් පත්‍රය 2016 වර්ෂයේ නොවැම්බර් මාසයේදී නිකුත් කර ඇති බවයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ අස්සනින් යුතුව ආදළ ගැසට් පත්‍රය ව්‍යාජ ලෙස සකස් කර ඇති බැවින් මේ ක්‍රියාමාර්ගයට යොමු වන බව රංජිත් සොයිසා මහතා වැඩිදුරටත් පැවැසීය.
Thursday, March 9, 2017
හිටපු ජනපති ඇමති රවීගෙන් රුපියල් කෝටි 100 ක් ඉල්ලයි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment