කෑගල්ල ලංගම ඩිපෝවට කොලොන්නාවේ සිට ඩීසල් ලීටර් 6600 ක් රැගෙන ආ බවුසරයකට ජලය කලවම් වීම නිසා අද (09) ලීටර් 25 ක් ඉවත් කල බව කෑගල්ල ඩිපෝව පවසයි.
ඊයේ මෙම බවුසරය පැමිණ ඇති අතර එදින රාත්රී ඩීසල් සාම්පල් පරික්ෂා කිරීමේදී ජලය කලවම් වී ඇති බව හෙලි වී තිබේ.
මේ පිලිබදව කෑගල්ල ඩිපෝව විසින් කෑගල්ල පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කෑගල්ල ප්රාදේශීය කළමණාකරු ද මේ පිලිබදව දැනුවත් කර තිබෙන අතර ජලය ඉවත් කළ ඩීසල් තොගය ඩිපෝවේ ගබඩාව වෙත නිකුත් කර තිබේ.
මෙම නිසා ඩීසල්වල අඩුවීමක් ද ඇති අතර ඒ පිලිබදව අදාල අංශ දැනුවත් කරන බව ද ඩිපෝ ප්රකාශකයෙක් පැවැසීය.
No comments:
Post a Comment