අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ණය පිළිබඳව කළ ප්‍රකාශයක් ගැන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති, ආචාර්ය නාලක ගොඩහේවා මහතා අදහස් දක්වා තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ගොඩහේවා මහතා සඳහන් කර ඇත්තේ ලංකාවේ ණය බර ඩොලර් බිලියන 15,000 කි කියා අගමැතිතුමා කියා තිබෙනු පුවත්පතකින් දැකගත් බවයි.
එම බොරු සංඛ්‍යාලේඛණ දෙන්නේ කවුද? යන්න ඒ මහතා ප්‍රශ්න කර තිබේ.
එම ෆේස්බුක් සටහන පහතින්,
“ලංකාවේ ණය බර ඩොලර් බිලියන 15,000 කි කියා අගමැතිතුමා කියා තිබෙනු පත්තරෙන් දැක මම මවිත උනෙමි. එතුමාට මේ බොරු සංඛ්‍යාලේඛණ දෙන්නේ කවුද? 2014 මහබංකු වාර්ථාවට අනුව නව රජය පත්වන විට ලංකාවේ තිබුන සමස්ථ රාජ්‍ය ණය රුපියල් බිලියන් 7391 කි. ඒ වන විට ඩොලරයක අගය රුපියල් 130 නිසා මේ සමස්ථ ණය ඩොලර් බිලියන් 52ක් පමන වේ. ඩොලර් බිලියන 15,000ක් ණය තිබුනානම් ලංකාව දෙවැනි වන්නේ ඩොලර් බිලියන 18,000ක් පමන ණය ඇති ඇමෙරිකාවට පමනි. මහා බ්‍රිතාන්‍යයේත් සමස්ථ රාජ්‍ය ණය ඩොලර් බිලියන 2,000 පමන වේ. මේවා ලංකාවට වඩා ඉතා විශාල ආර්ථිකය. ලංකාව සමාන වන්නේ ඩොලර් බිලියන 50-60 අතර ණයැති පිලිපීනය, ඊජිප්තුව, පාකිස්ථානය වැනි රටවලටය. අපට වඩා 24 ගුනයක් විශාල ආර්ථිකයක් ඇති ඉන්දියාවේද සමස්ථ රාජ්‍ය ණය ඩොලර් බිලියන් 942 ක් පමන වේ.“
No comments:
Post a Comment