රාජිතගෙන් තවත් නියෝගයක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 10, 2017

රාජිතගෙන් තවත් නියෝගයක්!

රාජිතගෙන් තවත් නියෝගයක්!
ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව සංගණනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදු කිරීමෙන් පසු ලියාපදිංචිය පිළිබද තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. 

සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධෙවිදීන් දැනුවත් කිරීමේ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර දී පසුගියදා පැවැත්විනි. එම රැස්වීමට සහභාගි වූ ඖෂධ ශාලා හිමියන් පැවැසුවේ සෑම නගරයකම නව ෆාමසි විවෘත කිරිම හේතුවෙන් වෙළෙද ව්‍යාපාරවලට බාධා පැමිණ ඇති බවයි. ඇතැම් ෆාමසි වල ඖෂධෙවිදීන් ද නොමැති බව මෙහිදී හෙළිවී ඇත.

ඒ පිළිබද අවධානය යොමු කළ අමාත්‍යවරයා සදහන් කළේ සෑම ෆාමසියකම එක් ඖෂධවේදියෙකු හෝ සිටිය යුතු බවත් ෆාමසි කළමණාකරණය ද ඉතා වැදගත් බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad