විද්‍යුත් ජාතික හැඳුනුම්පත ජුනි මාසයේ සිට! වසර 10ක් සුරක්ෂිතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 16, 2017

විද්‍යුත් ජාතික හැඳුනුම්පත ජුනි මාසයේ සිට! වසර 10ක් සුරක්ෂිතයි

විද්‍යුත් ජාතික හැඳුනුම්පත ජුනි මාසයේ සිට! වසර 10ක් සුරක්ෂිතයි

විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබන ජුනි මාසයේ නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ අඩුම මිල ගණන් ඉදිරිපත් කළ එෆික් ලංකා පෞද්ගලික සමාගමට විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදී ඇත.

ඒ අනුව එක් හැඳුනුම්පතක් සඳහා රුපියල් 71.83ක මුදලක් වැයවේ. ජාත්‍යන්තර වශයෙන් මිලියන 500ක් හැඳුනුම්පත් නිකුත් කළ හංගේරියානු ජාතික හැඳුනුම්පත නිකුත් කළ මවු සමාගම මෙයයි.

අද ලංකාවේ භාවිත වන ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමටත් රුපියල් 65ක් වැයවන බැවින් විද්‍යුත් ජාතික හැඳුනුම්පත සඳහා ලොකු වියදමක් දැරීමට සිදු වී නැතැයිද වියානි ගුණතිලක මහතා පැවැසීය.

පොලි කාබනේට් කාඩ් පතකින් සකස් වන මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත වසර දහයක් ඉතා සුරක්ෂිත අයුරින් පවත්වාගෙන යා හැකි වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad