රූපවාහිනි පත්තර මුළු රටම කඩා වැටීලා වගේ පෙන්නන්නෙ රේටින් වලට - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

රූපවාහිනි පත්තර මුළු රටම කඩා වැටීලා වගේ පෙන්නන්නෙ රේටින් වලට - ජනපති


ඊයේ වැලිගමදී පැවති රැස්වීමක් අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙසේ පවසා සිටියේය.

‘හවසට රූපවාහිනිය දිහා බලාන හිටියහම
පේන්නේ මුළු රටම කඩා වැටිලා මේක ගොඩගන්න කාටවත් බැහැ.
මහා විනාශයක්. ඒක තමා ඇත්ත තත්ත්වය. රූපවාහිනි ආයතන අයිති මහත්වරුන්ගෙන් ඇහුවාහම ඇයි මේ විදියට ප්‍රවෘත්ති ඇයි මේ විදියට ගැටුම්? පුවත්පත්වලත් එහෙමයි.

මම ඊයෙත් ඒ ගොල්ලන්ගෙන් සුහදව කතා කරලා ඇහුවා එක්තරා පුවත්පතක ශීර්ෂයක් දැකලා. රූපවාහිනිය මොකද කියන්නේ. සර් අපේ රේටින් බැහැලා වැඩි කර ගන්න ඕනෑ' මාර්කටින්. ඒගොල්ලන්ගේ ජනප්‍රියතාව අඩු නම් වැරැද්ද වෙන පැත්තකට දානවා. දාලා ඒ ගොල්ලන්ගේ මාර්කටින් රේටින් ඒ ගොල්ලන්ගේ ඉලක්ක වෙන්නේ රට නොවෙයි. මුද්‍රිත මාධ්‍යවලත් එහෙමයි. මේ වාගේ ප්‍රවෘත්තියක් දැම්මේ නැත්නම් උදේට මේ පත්තරේ විකිණෙන්නේ නැහැනේ. ඒ නිසා පත්තරය ගන්න බලන ප්‍රවෘත්තියක් තියෙන්න ඕනේ.

මේ රටේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට මේ ජනමාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා අවංකව රට වෙනුවෙන් පෙනී සිටින්න. රට වෙනුවෙන් පෙනී සිටින කොට රට වෙනුවෙන් ගොඩනඟන්න, ගොඩනැඟෙන මුළු මහත් ජනතාව ප්‍රමුඛ සමස්ත රාජ්‍ය සේවයේ සියලු දෙනා දිරි ගන්වන්න ශක්තිමත් කරන්න ඒ කැපවීමට ධෛර්ය දෙන්න සියලු මාධ්‍යයට වගකීමක් සහ යුතුකමක් තියෙනවා.‘

No comments:

Post a Comment

Post Bottom Ad