නිරෝෂන් දික්වැල්ල අන්තර් ජාතික තහනමකට ලක්වන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

නිරෝෂන් දික්වැල්ල අන්තර් ජාතික තහනමකට ලක්වන ලකුණු


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පැනවීමේ  සූදානමක් මතුව ඇත.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග

දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාමෙන් පසු ඔහු හැසිරුණු ආකාරය හා
දකුණු අප්‍රිකාව සමග ඊට පෙර සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුම යන විනය විරෝධී ක්‍රියාවන් දෙකම මෙම ගැටලුවට මුල්ව ඇත.
පෙර අප්‍රිකානු සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් නියම කර තිබුණි.
අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් විය.
නිරෝෂන් දික්වැල්ල එල්ල වී ඇති මෙම පැමිණිල්ල අද (21)උදෑසන විභාගයට ගැනීමට නියමිතයි. ඒ අනුව නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad