පෙරළියක ඇරඹුම රැළියට හිටපු ජනපති පැමිණි අයුරු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

පෙරළියක ඇරඹුම රැළියට හිටපු ජනපති පැමිණි අයුරු (VIDEO)

ඒකාබද්ධ විපක්ෂයේ පෙරළියක ඇරඹුම රැළිය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 5.20ට පමණ පැමිණියා. මෙම රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීයි.

මෙම රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ ‘පූජිතගේ පොලිසියෙයි, ඇමෙරිකාවෙයි, ඉන්දියාවෙයි බලයෙන් ජන මතයට ඇහුම්කන් නොදී බලහත්කාරයෙන් ඉන්න අගමැතිවරයා හදනවා නම් මේ ජන ගඟ අරගෙන අරලියගහ මන්දිරයට එන්න අපි ලෑස්තියි.‘‘ යනුවෙනුයි.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා රැලිය ඇමතුවා. මහ දවල් මහ බැංකුව කොල්ල කෑ පළමු ආණ්ඩුව මෙය බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.


හිටපු ජනාධිපතිවරයා වේදිකාවට පැමිණි අවස්ථාව පහතින් බලන්න...


 


No comments:

Post a Comment

Post Bottom Ad