මහින්ද අගමැති කරන බවට නුගේගොඩ රැළියේදී ප‍්‍රතිඥා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

මහින්ද අගමැති කරන බවට නුගේගොඩ රැළියේදී ප‍්‍රතිඥා

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ පෙරලියක ඇරඹුම විරෝධතා රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේදී දැන් පැවැත්වෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන්. රැළියට සහභාගී වී සිටි පිරිස් කොස් කොළ සහ ක්‍රෝටන් කොළ රැගෙනවිත් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ.

රංගන ශිල්පී සමන් ඒකනායක කවියෙන් රැළිය අමතනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර ද රැළිය අමතනු ලැබුවා. එහිදී ඔහු දැක්වූ අදහස් පහතින් දැක්වේ. 


‘රනිල් වික්‍රමසිංහ ලියූ බලගතු ශ්‍රී ලංකාවක් පොත මම කියෙව්වා. එය කියවා අවසන් වන විට හිතුනා එහි නම පරගැති ශ්‍රී ලංකාවක් ලෙස වෙනස් කළ හැකියි කියලා.‘

රැළිය ඇමතූ පාර්ලමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පැවසුවේ මේ වසර තුල දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට කටයුතු කරන බවයි. ‘චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දාලා ගියත් මහින්ද මහතා එසේ ගියේ නෑ. පක්ෂයේ සිටින පිරිසිදු සාමාජිකයා මහින්ද රාජපක්ෂ මහතායි. සමලිංගිකත්වයට කැමති අය ශ්‍රීලනිපයේ නෑ.‘ යනුවෙන්ද මන්ත‍්‍රීවරයා එහිදි කියා සිටියා.

පස්වරු 6.58ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජන රැලිය ඇමතුවේ මෙලෙසයි

“මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ. විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ. නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි.”

No comments:

Post a Comment

Post Bottom Ad