පුංචි ඡන්දය දින නියමක් නැතිව කල් යයි.. සීමා නිර්ණයේ තවත් අවුල්ලූ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

පුංචි ඡන්දය දින නියමක් නැතිව කල් යයි.. සීමා නිර්ණයේ තවත් අවුල්ලූ..

සීමා නීර්ණය අභියාචනා කමිටු වාර්තාව දෝෂ සහිත යයි පළාත් පාලන හා පළාතේ පාලන ඇමති ෆයිසර් මුස්තාෆ මහතා විසින් එල්ල කරන චෝදනා තමනට අදාල නොවන බව කමිටු සභාපතිව කටයුතු කරන ලද අශෝක පිරිස් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය කල්දැමීමේ අරමුණින් ඇමතිවරයා විසින් මෙම ප‍්‍රකාශ කරන බවයි. ඇමතිවරයා විසින් එල්ල කරන චෝදනා තම විශය පථයට අදාල නොවක බවත් ඒවාට තමන්ට පිළිතුරු දිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තත්වය මත සීමා නිර්ණ අවසන් වාර්තාව ගැසට් කිරීම තව දුරටත් කල් යනු ඇති අතර මැතිවරණ කොමිසම සදහන් කර තිබුනේ ජනවාර මස අවසන් වන්නට පෙර සීමා ගැසට් නොකලහොත් අපේ‍්‍රල් අවසන් වන්නට පෙර මැතිවණය පැවැත්විය නොහැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad