ඇමතිනී තලතා ඉල්ලා අස්වෙන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

ඇමතිනී තලතා ඉල්ලා අස්වෙන්න යයි

ඇමතිනී තලතා ඉල්ලා අස්වෙන්න යයි2015 වසරේ ජනවාරි 8 දාට පසුව එක්සත් ජාතික පාක්ෂිකයින් නීති විරෝධීව කටයුතු කර ඇත්නම් තමන් මන්ති‍්‍ර ධූරයෙන් ඉල්ලා අස් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ අදහස් පළකළේ පෙරේදා (27) රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. ‘”2015 ජනවාරි 8 වෙනිදයින් පස්සේ එක යුඑන්පි කාරයෙක් හරි අහිංසක මිනිහෙක්ගේ ඉඩම් කොල්ලකාලා තියෙනවා නම්, අනවසරයෙන් පතල් හාරලා තියෙනවා නම් මේ මන්ති‍්‍රකමෙන් මම හෙට අයින් වෙන්න ලෑස්තියි. 

අපි නීතිය කි‍්‍රයාත්මක කරන්නයි බැඳිලා ඉන්නේ. පහුගිය කාලේ තිබුණේ නැති එකම දේත් ඒකයි.“ යැයි ඇය අවධාරණය කළාය. “සෙල්ලම් දැන් දාන්න දෙන්නේ නෑ. මරාගෙන මැරෙනවා මිසක් මේ අහිංසක මිනිස්සුන්ට කරදර කරන්න මම ඉඩ දෙන්නේ නෑ. ඒ අභියෝගය භාර ගෙන තමයි ඒකාබද්ධ විපක්‍ෂය අද ද`ගලන්නේ” යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad