නුගේගොඩ රැළියට පැමිණි කරුණා අම්මාන් මහින්දට තුති පුදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

නුගේගොඩ රැළියට පැමිණි කරුණා අම්මාන් මහින්දට තුති පුදයි

තමා කළ ගුණ දන්නා කෙනෙකු බවත් ඒ නිසාවෙන් මහින්ද රාජපක්ෂ මහතාට කළ ගුණ සැලකිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත්
කරුණා අම්මාන් නුගේගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට එක්වෙමින් කියා සිටියේය.

එමෙන්ම රට බේරා ගත් නායකයා වශයෙන් මහින්ද රාපක්ෂ මහතාට කළ ගුණ සලකන ලෙස සියලු දෙනාගෙන්ම තමන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඔහු දෙමළ භාෂාවෙන් රැළිය ඇමතීය. පසුගිය නොවැම්බර් මාසයේ රජයේ දේපළ අවභාවිත කළ බවට  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් දෙසැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ සිටි අතර දැන් අැප මත නිදහස්ව සිටී.

රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගියදා සොයා ගනු ලැබූ අතර එය විනායගමූර්ති මුරලිදරන් හිටපු ඇමතිවරයා භාවිතා කළ රථයක් බවට විශ්වාස කෙරිණි.




No comments:

Post a Comment

Post Bottom Ad