පේරාදෙණිය සරසවියේ පුරප්පාඩු 246 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

පේරාදෙණිය සරසවියේ පුරප්පාඩු 246 ක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටිය යුතු ස්ථිර ආචාර්ය මණ්ඩලයේ 246 ක් පුරප්පාඩු ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටිය යුතු ගුරු ශිෂ්‍ය අනුපාතය පවා නොසිටින බවත් මේ තත්ත්වය විසඳීමට උසස්  අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු නොකරන්නේ මන්ද යන්න බිමල් රත්නායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad