ගල්කිස්සේ දිය නාමින් සිටි රුසියන් සංචාරක කාන්තාවට අතවර කළ ඇමති සිකියුරිටි දෙන්නා මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

ගල්කිස්සේ දිය නාමින් සිටි රුසියන් සංචාරක කාන්තාවට අතවර කළ ඇමති සිකියුරිටි දෙන්නා මාට්ටු


ගල්කිස්සේ දිය නාමින් සිටි
රුසියන් සංචාරක කාන්තාවට අතවර කළ 

ඇමති සිකියුරිටි දෙන්නා මාට්ටු


ඊයේ (28) පස්වරුවේ ගල්කිස්ස වෙරළ තීරයේ සංචාරක පොලිස් නිලධාරීන්ට එක්තරා සුපිරි හෝටලයකින් ලැබුණ හදිසි ඇමතුමකින් කියැවුනේ තම හෝටලයේ නවාතැන්ගෙන සිටින විදෙස් කාන්තාවකමින් ටිකවේලාවකට පෙර අතවර සිදුවීමකට ලක්වූ බවත්

එම සැකකරුවන් වහා අල්ලාදෙන ලෙසත්ය.

ඇමතුම ඔස්සේ ජිප් රථයකින් සිද්ධිය වූ ස්ථනයට ගමන් කළ  වෙරළ පොලිස් නිලධාරීන්ට එම කාන්තාව හමුවන්නට හැකියාව ලැබුණ අතර ඇය කියා ඇත්තේ තමා වෙරළේ දිය නාමට පැමිණ සිටි අවස්ථාවක හදිසියේ ආසන්න වැටකේ පඳුරක් අසළින් මතුවූ දෙදෙනෙකු තමාව අල්ලාගෙන යාබද පාළු ස්ථානයට රැගෙන ගිය බවයි.

ඔවුන් තමාගේ කටට රෙදි පාන්කඩ ඔබා මාරුවෙන් මාරුවට අතවර කළ බවත් අනතුරුව තමා වේදනාවෙන් ඇඹරෙද්දී එකවරම අතහැර දමා පළා ගිය බවත්ය. අනතුරුව ආසන්නයේ සිට මෙම සිද්ධිය නිරීක්ෂණය කළ පුද්ගලයින් කිමිපදෙනෙකු ඇය වෙත පැමිණ ඇයව බේරාගෙන තිබේ. 

මෙම විස්තරය අනුව පළාගිය පුද්ගලයින් ගමන් කළ දිසාව ගැන පරීක්ෂා කළ පොලිසියට ජීප් රථයකින් ගමන් කරමින් සිටි එක්තරා සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ගැන හොඩුවාවන් සොයාගන්නට හැකිවූ අතර පසුව තවත් පොලිස් කන්ඩායමක් යොදවා මාහාමාර්ගයේදී ඔවුන්ව නවතා අත්අඩංගුවට ගන්නට හැකි විය. ගල්කිස්ස මුුහුදේ දිය නාමින් සිටි විදෙස් තරුණිය රුසියන් ජාතික කාන්තාවක් බව හඳුනාගෙන තිබේ.

දූෂණය කළැයි කියන දෙදෙනාගේ වෘත්තිය විමසීමේදී ඔවුන් ඇමැති ආරක්ෂක අංශයේ රියැදුරකු සහ ආරක්ෂක නිලධාරයෙකු ලෙසද හඳුනාගෙන ඇත. සැකකරුවන් මිරිහාන හා කන්තලේ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් අද (29) ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad