වන ඝනත්වය වර්ධනය කරනවා - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

වන ඝනත්වය වර්ධනය කරනවා - ජනපති

වන ඝනත්වය වර්ධනය කරනවා - ජනපති
පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරි වසර 04තුළ මෙරට වන ඝනත්වය සියයට 32 දක්වා වර්ධනය කරගැනීම තම සැලසුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලෝකයේ සෙසු රටවල් සේම ශ්‍රී ලංකාවේද සිදුව ඇති පරිසර හානි හේතුවෙන් මතුව ඇති දේශගුණික හා කාලගුණික තත්ත්වයන් සමඟ මිනිසා ප්‍රමුඛ සියලු සතුන්ට ජීවත් වීම පිළිබඳ අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් වැඩසටහන යටතේ ඉදි වූ ජීව වායු, කාබනික පොහොර, හරිත වගා හා සූර්ය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

පාසල තුළ ලබන විෂය කරුණුවලට අදාළ අධ්‍යපනය මෙන්ම ඉන් බාහිරව ලබන දැනුම සහ අවබෝධය තම දෛනික ජීවිතයට සම්බන්ධ කරගැනීමේ වැදගත්කම එහිදී පාසල් දරුවන් වෙත පහදාදුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශක්තිමත් ජාතියක් ලෙස නැගීසිටීමට නම් ආත්මාභිමානයෙන්, අධිෂ්ඨානයෙන් සහ ස්වශක්තියෙන් කටයුතු කිරීමට දරුවන් කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු විය යුතු බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad