ලබන සඳුදා (30) සයිටම් නීතිගත කරන අධිකරණ තීන්දුව ලැබෙන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

ලබන සඳුදා (30) සයිටම් නීතිගත කරන අධිකරණ තීන්දුව ලැබෙන ලකුණු


ලබන සඳුදා (30) සයිටම් නීතිගත කරන
අධිකරණ තීන්දුව ලැබෙන ලකුණු

ආන්දෝලනයට තුඩුදී තිබෙන පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වන මාලඹේ සයිටම් ආයතනය නීතිගත කිරීමට අදාල නඩු තීන්දුව ලබන ජනවාරි 30 වනදා ලබාදීමට නියමිතය.එදින විශ්ව විද්‍යාල සිසුන් අධිකරණය වටකරන්නට සිටින බව වාර්තා වී  ඇතැයි උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සයිටම් ආයතනය ආරම්භ කිරීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රුපියල් මිලියන හයසියයක ණය මුදලක් ලබාදී ඇති බවත් එලෙස ආරම්භ කළ සයිටම් ආයතනය නීත්‍යානූකූල කිරීම සහ සිසුන් සුරක්ෂිත කිරීම පමණක් වත්මන් ආණ්ඩුවට ඉතිරිව ඇති බවත්

ඇමැති කිරිඇල්ල වැඩිදුරටත් පවසා තිබේ.

ලංකාවේ විශ්වවිද්‍යාල අටක වෛද්‍ය පීඨාධිපතිවරු සයිටම් ආයතනයට අනුමැතිය දෙන්න එපා කියා ලිඛිතව දන්වා තිබියදීත් උසස් අධ්‍යාපන ඇමැතිවරයා සයිටම් ආයතනය වෙනුවෙන් මේ ආකාරයට පෙනී සිටින්නේ ඇයිදැයි එහිදී  ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක විමසා තිබුණ අතර එයට පිළිතුරු ලෙස ඇමතිවරයා කියා ඇත්තේ සයිටම් ආයතනයට අනුබල දුන්නෙ අපි නෙවෙයි.මේ ආයතනය ආරම්භ කිරිම සඳහා හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාගේ වකවානුවේදී රුපියල් මිලියන 600ක් ලබාදී තිබෙනවා.ඉතින් අපි මේ ආයතනය නීත්‍යානුකූල කරමු ලෙසිනි.

බිමල් රත්නායක මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ කාලෙ ණය දුන්න කියල ඒව ඒ විදිහටම කරගෙන යන්නද මේ අය ඉන්නෙ.මහින්ද රාජපක්ෂ කාලේ ආරම්භ කරපු කොච්චර දේවල් මේ ආණ්ඩුව නතර කළාද?කඩේ වහලා මේකට අවශ්‍ය විසඳුම් ලබාදිය යුතුයි. යනුවෙනි.

කිරිඇල්ල මහතා නැවත දන්වා සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගා සිටුවීම එජාපයේ ප්‍රතිපත්තියයි.පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ගුණාත්මක බව වැඩිකළ යුතුයි.ඒ වගේම කාලෝ ෆොන්සේකා මහතා මම හමුවීමට පැමිණියා.එතුමා මගෙන් ඉල්ලා‍ සිටියේ එතුමාගේ ජීවිතය අවසන් වීමට පෙර මෙම ගැටලුව විසඳන්න කියල එතුමාට මං ප්‍රශංශා කරනවා.. යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad