විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, එක්සත් රාජධානියේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිලිබඳ රාජ්‍ය ලේකම් බොරිස් ජොන්සන් මහතා ඊයේ (10) ලන්ඩන් නුවර, බ්‍රිතාන්‍ය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේදී හමුවිය.
දෙරට අතර වෙළදාම හා ආයෝජනය තවදුරටත් වර්ධනය කිරීමට අදාලවන ඉදිරි කටයුතු ඇතුළුව ද්විපාර්ශවික සබඳතාවයේ නව ප්රවණතා පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදය, සංහිදියාව හා සියල්ල ඇතුලත් සංවර්ධනය ශක්තිමත් කරලීමට ආයතන වැඩි දියුණු කිරීමේදී ශ්‍රී ලංකා රජය විසින් අත් කර ගනු ලබමින් සිටින ප්‍රගතිය පිළිබඳව එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිලිබඳ රාජ්‍ය ලේකම්වරයාට, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කරුණු පැහැදිලි කළ බවද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

No comments:
Post a Comment