තෙල් නලයක කාන්දුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

තෙල් නලයක කාන්දුවක්

තෙල් නලයක කාන්දුවක්කොළඹ වරායේ සිට කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණය දක්වා ඉන්ධන ගෙන යන නලයක ඇති වූ කාන්දුව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ඛණිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඊයේ (28) පෙරවරුවේ ඉන්ධන ගෙන යන නල හතරෙන් එක් නලයක මෙම කාන්දුව හටගෙන ඇති බව අමාත්‍යවයා සඳහන් කළේය. වරාය තුළදීම අදාළ නලයේ කාන්දුව හටගෙන ඇති අතර මුහුදු ජලය හා තෙල් මිශ්‍ර වීම වැළැක්වීමට මේ වන විට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම තෙල් නලයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් ඉන්ධන පොම්ප කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad