සමාගම් 3කින් විදුලිය මිලට ගන්න රජය තීරණය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 13, 2017

සමාගම් 3කින් විදුලිය මිලට ගන්න රජය තීරණය කරයි

සමාගම් 3කින් විදුලිය මිලට ගන්න රජය තීරණය කරයි
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුළ අඛණ්‌ඩව විදුලිය සැපයීම පවත්වාගෙන යාමට පෞද්ගලික විදුලි සමාගම් තුනකින් ඉදිරි මාස හයක කාලය සඳහා විදුලිය මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඇඹිලිපිටිය පෞද්ගලික සමාගම, ජෙනරේෂන් මාතර පෞද්ගලික සමාගම සහ හෙළදනවි පෞද්ගලික සමාගම යන පෞද්ගලික ඩීසල් බලාගාර වෙතින් විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් කැබිනට්‌ අනුමැතිය ලබාගෙන තිබේ.

මීට අමතරව මෙගාවොට්‌ 60 ක ධාරිතාවකින් යුත් විදුලි ජනක යන්ත්‍රයක්‌ මිලදී ගැනීමට ද අමාත්‍යවරයා කැබිනට්‌ අනුමැතිය ලබාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad