යහපාලන ඇමති නවින්ගේ අඹ යාලුවා බිලියන 7.5ට වැඩි මුදල් වංචාවක් ගැන වොෂින්ටනයේ අධිකරණනේ නඩු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

යහපාලන ඇමති නවින්ගේ අඹ යාලුවා බිලියන 7.5ට වැඩි මුදල් වංචාවක් ගැන වොෂින්ටනයේ අධිකරණනේ නඩු..

යහපාලන රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායකගේ ඉතා හිතවත් මෙන්ම එම පවුලේ කිට්ටු මිත්‍රයෙකු වූ රියන්සි එඩ්වර්ඩ්ස් නැමත්තාට මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට මේ වනවිට ඇමරිකාවේ වොසින්ටන් අධිකරණය මගින් මේ මස එනම් දෙසැම්බර් 12 දින නඩු පවරා ඇතැයි කොලොම්බු ටෙලිග‍්‍රාප් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඩොලර් මිලියන 50 එනම් රුපියල් මිලියන 7500 ක් පමණ මොහු විසින් වංචා කොට ඇති අතර මේ සැකකරු සම්බන්ධයෙන් නඩුව ඇමරිකාවේ වොෂින්ටන් අධිකරණය මේ මස 20 දින විභාග වීමට නියමිතව තිබුනි.

2015 නවින් දිසානායක ක්‍රීඩා හා සංචාරක කටයුතු ඇමති ලෙස කටයුතු කිරීමේදි මෙම සැකකරු නුවරඑළියේ තුරඟතරග සමාජය සමඟ එහි ප්‍රවර්ධන කටයුතුවල යෙදුණු අතර ශ්‍රී ලංකාවේ අාශා හොස්පිටල්ස් ඇතුළු බුටික් හෝටල් කිහිපයක්ම ඔහුගේ බිරිඳ හරහා මෑතකදී මිලදී ගෙන ඇතැයිද වාර්තාවේ සදහන්ය.

එමෙන්ම මෙම සැකකාර රියන්සි එඩ්වර්ඩ්ස් නැමත්තා ඇමරිකා වොෂින්ටනයේ අධිකරණයෙන් වැරදි කරු වුවහොත් මීට පෙර ශ්‍රි ලාංකිකයකු වූ රාජ් රාජරත්නම් නැමැත්තාට මෙන් වසර 10 නොඅඩු හිර දඩුවම් විදීමට වන බව අදාළ වෙබ් අඩවියේ සඳහන් වේ.

යොමුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad