සරණ අසරණ වෙයි - වරද පිළිගන්න සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 26, 2016

සරණ අසරණ වෙයි - වරද පිළිගන්න සූදානම්

සරණ අසරණ වෙයි - වරද පිළිගන්න සූදානම්

2005 - 2007 කාලයේදී වත්කම් බැරකම් හෙළි නොකළැයි අල්ලස් කොමිසම ගොනු කර තිබු නඩු දෙකක් සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති හා හිටපු නියෝජ්‍ය ඇමති සරණගුප්ත ගුණවර්ධන මහතා අද(26) අධිකරණයේ පෙනී සිටියේය.

එම චෝදනාවලට වරද පිළිගැනීමට තමා සුදානම් බව අධිකරණයේ ප්‍රකාශ කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) නියෝග කළේය.

චෝදනා කියැවීමට නඩුව ජනවාරි 05 වැනි දා යළි කැඳවීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad