බැඳුම්කර වංචාවට ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමති පාඨලී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 26, 2016

බැඳුම්කර වංචාවට ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමති පාඨලී

බැඳුම්කර වංචාවට ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමති පාඨලී

ආණ්ඩුවේ මුදලින් ආණ්ඩුවේ බැඳුම්කර ගෙන ඒවා ආණ්ඩුවටම විකුණා සිදුකර ඇති බැඳුම්කර වංචාව පිළිබඳව ඍජුව හා දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ආයතන 19කට අදාළ කෝප් කමිටු වාර්තාව සම්බන්ධ කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"රජයට අවශ්‍ය මුදල් ලබාගැනීමට මහ බැංකුව මගින් බැඳුම්කර නිකුත් කිරීම සිදු කරනවා. රාජ්‍ය මුල්‍ය සම්පාදනයට අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්නේ මේ හරහායි. මේ බැඳුම්කර නිකුත් කිරීම කළ යුත්තේ පොදු වෙන්දේසි ක්‍රමයක් මගින්ද පෞද්ගලිකව ද යන්න ගැන දැන් කතාබහක් ඇතිවී තිබෙනවා. මේ ක්‍රම දෙකම බොහෝ රටවල් භාවිතා කරනවා. අපේ රටේ ඇති වූ ගැටලුව එක් මූල්‍ය ආයතනයක් මේ හරහා අනිසි ලාභයක උපයාගෙන තිබීමයි. එය ඔවුන් විසින්ම ප්‍රකාශ කර තිබෙනවා. මෙය බරපතල ප්‍රශ්නයක්.

මීට අදාළ සමාගම රුපියල් මිලියන 14,000ක ලාභයක් ඉපැයීම ගැටලුකාරීයි.

මේ අහිමි වී තිබෙන්නේ රජයට ලැබිය යුතු මුදලක්. මේ පිළිබඳව දැඩිව ඍජුව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව හා සේවක අර්ථ සාධක අරමුදල ආදී මීට සම්බන්ධ ආයතන ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි.

මේවාට එරෙහිව නීතිය ඍජුව ක්‍රියාත්මක නොවුණොත් ජනතා බලාපොරොත්තු බිඳවැටීම මෙන්ම ජනතාව අතර අසහනයක් ඇතිවී ඔවුන් නීතිය අතට ගන්නත් පුළුවන්". 

No comments:

Post a Comment

Post Bottom Ad