ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සම්බන්ධවී ඇත්තේ කොළඹ ටි්‍රපොලි හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි හමුදා සෙබළුන් 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් බවත්, ඝාතනය සඳහා ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ කොළඹ ටි්‍රපොලි හමුදා කඳවුරේ සිට බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක් පැවැත්වූ විමර්ශනවලින් හෙළිකර ගෙන ඇති බවත් ලසන්ත ඝාතනයට ආසන්න දින දෙක තුළ ටි්‍රපොලි හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි හමුදා නිලධාරීන් 270 ක පිරිසගේ නම් ලැයිස්තුව අධිකරණ නියෝගයක් හරහා ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත්තේ මේ හමුදා නිලධාරීන් වරකට 20 දෙනා බැගින් දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ලසන්ත ඝාතනය ගැන ප්‍රශ්න කිරීමටය. ඒ අනුව ඔක්තෝබර් 26 වැනිදා පළමු 20 දෙනාගේ කණ්ඩායම අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට ගෙන්වා ප්‍රශ්න කොට ඇති අතර, 27 වැනිදා දෙවැනි 20 දෙනාගේ කණ්ඩායම ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතව තිබී ඇත.
මේ අතර තුර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත විශේෂ නිළධාරියෙකු විමර්ශනයට මැදිහත් වි ඇති අතර මේ ආකාරයෙන් හමුදා නිලධාරීන් කාණ්ඩ වශයෙන් ගෙනැවිත් ප්‍රශ්න නොකරන ලෙස බලපෑම් එල්ල කර තිබේන අතර ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ ඒ සම්බන්ධයෙන් පරික්ෂණ දිගටම කරගෙන යෑම හරහා ලසන්ත ඝාතකයා වත්මන් එජාප අමාත්‍ය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව තහවුරු විම නිසා බවයි.
මේජර් ජයමාන්න එල්ලා මරා ෆොන්සේකාට බේරෙන්න දෙමුද?
උපුටා ගැනීම : Lanka News Web Today
No comments:
Post a Comment