ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවස තුලදී තරුණයෙකු මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වීරවංශ මහතාගේ පුත‍්‍රයාගේ සමීප මිතුරෙකු වන තරුණයෙකි. ඔවුන් දෙදෙනා කලක පටන් මිතුරන් වන අතර බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණෙන බව වාර්තා වෙයි.
ඊයේ රාත‍්‍රියේදී එහි සිටියදී මෙම තරැණයා මිය ගොස් ඇති අතර වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය විසින් ජයවර්ධනපුර රෝහලට ඇතුලත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇතැයි දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් ඇති අතර තලංගම පොලීසිය විසින් වීරවංශ මහත්මියගෙන් ප‍්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.
මියගිය තරැණයාගේ මව විසින් සදහන් කර ඇත්තේ තරුණයාගේ පියාද මිය ගියේ මේ ආකාරයෙන්ම බවත් එය හෘදයාබාධයක් නිසා බව පසුව හෙලි වූ බවත්ය. මෙම මරණය සිදුවෙද්දී වීරවංශ මහතා කොළඹින් පිට කටයුත්තක් සදහා සහභාගී වීමට ගොස් නිවසට පැමින සිට නැත.
Wednesday, October 26, 2016
විමල් වීරවංශගේ නිවසේ තරුණයෙක් මිය යයි.. බිරිදගෙන් කට උත්තර ගනී..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment