මෙරට නව ව්‍යවස්ථාව සැකසීමේදී බුදු දහමට ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති අයිතිය එලෙසින්ම සුරකින බවට සහතිකයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්තුතිය පළ කරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි.
උන්වහන්සේ මේ බව කියාසිටියේ ගම්පහ සිරිකුරුස දේවස්ථානයට වසර 100ක් පිරීම නිමිත්තෙන් එම දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ කාදිනල් හිමිපාණෝ පැවසුවේ නව ව්‍යවස්ථාව සැකසීමේදී ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් ලෙස නම් කළ යුතු බවට ඇතැම් කණ්ඩායම් හඬ නැගූ බවත් බටහිර ලෝකයේ පවතින අනාගමික සංකල්පය තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කොට ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික දිවි පෙවත විනාශ කිරීමේ උත්සාහයක් පවතින බවත් ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ කියාසිටියේ, 'දැනට ව්‍යවස්ථාවේ තිබෙන නව වෙනි වගන්තිය අල්ලන්නේ නැතිව එලෙසම තිබිය යුතුයි' යනුවෙනි.
වසර 30ක් මෙරට පැවති යුද්ධය අවසාන කොට නව යුගයක් කරා යන ගමනට ආගමික සමගිය සහ ජාතික සමගිය ඉතා වැදගත් බවද උන්වහන්සේ එහිදී අවධාරණය කළේය.
වීඩියෝව පහතින්.
No comments:
Post a Comment