ගම්මන්පිලගෙන් විදේශ අමාත්‍යංශයට පැසසුම් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 20, 2016

ගම්මන්පිලගෙන් විදේශ අමාත්‍යංශයට පැසසුම් (VIDEO)

ගම්මන්පිලගෙන් විදේශ අමාත්‍යංශයට පැසසුම් (VIDEO)

ඩෙන්මාර්ක් ආණ්ඩුවේ ස්වාධීන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් දෙමළ ඊළාම් රාජ්‍යය ඉවත් කිරීමට කටයුතු කිරීමේදී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කාර්යක්ෂම කටයුතු කළ බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා," පසුගියදා අපි හෙළිදරව්වක් කළා ඩෙන්මාර්ක් ආණ්ඩුව දෙමළ ඊළාම් රාජ්‍ය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිඅරගෙන තිබෙනවා කියලා. හෙළිදරව්වෙන් පැය 48ක් ඇතුළත ඩෙන්මාර්කයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කණගාටුව ප්‍රකාශ කරලා ස්වාධීන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් දෙමළ ඊළම වෙනස් කර ගැනීමට ඩෙන්මාර්ක් ආණ්ඩුව කටයුතු කළා. මේ කාරණයේදී විදේශ අමාත්‍යංශයත් කාර්යක්ෂමව කටයුතු කරලා තියෙනවා"යි පැවසීය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad