දරුවාට උණුවතුර ගැසූ කුඩම්මාට වැඩ වරදී (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 6, 2016

දරුවාට උණුවතුර ගැසූ කුඩම්මාට වැඩ වරදී (PHOTOS)

දරුවාට උණුවතුර ගැසූ කුඩම්මාට වැඩ වරදී (PHOTOS)

මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටැස්පි වතුයායේ වතු නිවාස පෙළක ජිවත් වු අවුරුදු 07ක පිරිමි ළමයෙකු කුඩම්මා විසින් උණු වතුරෙන් පුළුස්සා ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ පරමරාජ් යුවරාජ් නැමැති 07 හැවිරිදි කුඩා දරුවෙකි.

පසුගිය 04 වැනිදා රාත්‍රියේ මෙම දරුවා පිළිස්සුම් වේදනාවෙන් කෑගසන බවට ප්‍රදේශවාසින් විසින් මස්කෙළිය පොලිසියට ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් මෙම දරුවාව සොයාගෙන තිබේ.

පොලීසිය විසින් දරුවාගේ කුඩම්මා සහ මිත්තනිය අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ දරුවා ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම දරුවාගේ මව පියා සමග දික්කසාදවීමෙන් පසු පියා විසින් වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවත් එම කුඩම්මා විසින් මෙම දරුවාට නිතර නිතර හිරිහැර කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ 

No comments:

Post a Comment

Post Bottom Ad