ශ්‍රීලන්කන් යානයකදී ව්‍යාපාරිකයකුගේ මැණික් උස්සලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 4, 2016

ශ්‍රීලන්කන් යානයකදී ව්‍යාපාරිකයකුගේ මැණික් උස්සලා

චීනයේ බීජිං සිට පැමිණි UL869 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකදී මැණික් ව්‍යාපාරිකයකුගේ මැණික් පෙට්ටියක් සොරකම් කිරීමේ පුවතක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එම, ගුවන්යානය චීනයේ බීජිං ගුවන් තොටින් පිටත්ව ඇත්තේ රාත්‍රී 12.30ට වන අතර එය කටුනායක ගුවන් තොටට ළඟාවී ඇත්තේ පෙරවරු 5.30ට පමණය. මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා රටරටවල සංචාරය කරනු ලබන අදාළ ව්‍යාපාරිකයාගේ නැතිවූ මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 26 ඉක්මවන බව පැවසේ.

සිය මැණික් තොගය අතුරුදහන්ව ඇති බව එම ව්‍යාපාරිකයා ශ්‍රී ලන්කන් බලධාරීන්ට ගුවන් යානය තුළදීම කියා සිටියද ඊට යහපත් ප්‍රතිචාර ඔවුන්ගෙන් ලැබී නැති බවද පැවසේ. එසේම ඔහු ගුවන් යානයෙන් බැසගත් සැනින් මේ පිළිබඳව සිවිල් ගුවන් සේවා අමාතයංශයටද පැමිණිලි කර තිබේ.

ඔහු අදාළ මැණික් තොගය රැගෙන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහතිකද සහිතව චීනය වෙත රැගෙන ගොස් ඇත්තේ පසුගිය අගෝස්තු 03 වැනිදාය. මැණික් තොගය සමඟ ඔහුගේ අතේ රැගෙනගිය ගමන් මල්ලේ තිබූ ඇමරිකන් ඩොලර් 740ක් හා චීන යුවාන් 10,000ක්ද සොරාගෙන ඇත.

එම ගුවන් යානයේ පැමිණි වැඩි පිරිස චීන ජාතිකයින් බවද පැවසේ. මේ මැණික් තොගය පිළිබඳ තොරතුරක් ලැබුණහොත් එය කටුණායක පොලිසිය වෙත දන්වන ලෙස ව්‍යාපාරිකයා ඉල්ලා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad