කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 14, 2016

කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්

කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්

වයස මත පදනම් වූ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් තුළින් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් තෝරාගනු ලබන අයදුම්කරුවන් සඳහා දායක්තව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙම වර්ෂයේ සිට ආරම්භ කර සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

විවිධ කලා ක්ෂේත්‍රයන්හි නිරත කලාකරුවන් සඳහා වෘත්තීයමය පිළිගැනීමක් හා සමාජ සුරක්ෂිතතාවක් සහතික කරලීමේ අරමුණින් ඔවුන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සඳහා 2016 අයවැය යෝජනා මඟින් අරමුදල් වෙන් කරනු ලැබ තිබේ.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad