සන්ධ්‍යාට කෙලවේ, යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් මුදාහරී ….ප්‍රගීත්ගේ සැබෑ ඝාතකයා අමතකද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 19, 2016

සන්ධ්‍යාට කෙලවේ, යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් මුදාහරී ….ප්‍රගීත්ගේ සැබෑ ඝාතකයා අමතකද?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා මාලිගාවත්තේ පාතාල කල්ලියක දින 3 ක් රඳවාගෙන චම්පික සහ නිර්මලා සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපිය ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ මාලිගාවත්තේ දී අත් අඩංගුවට ගත් කුඩුසුද්දා නමැති පාතාල සාමාජිකයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේන බවට අපකල අනාවරණයන් ඇතුලු ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් අප කල අනාවරණයන් සියල්ලම ඇත්තක් කරමින් ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් ඇප මත නිදහස් කිරිමේ මෙහෙයුම යහපාලනය ආරම්භ කර තිබේ.

එහී මුලිකම අරමුණ වි ඇත්තේ සියලුම පරික්ෂණ හරහා අවසානයේ වත්මන යහපාලනයේ ඇමතිකම් දරණ ප්‍රා නායකයා බේරා ගැනිම බව අමුතුවෙන් කිවයුතු නෑ.

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගිය කණ්ඩායම ඔහු ඝාතනය කල ආකාරය ගැන තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතින බවත් පරීක්ෂණ සදහා රහස් පොලිස් කණ්ඩායමක් අක්කරෙයිපත්තු බල ගොස් සිටින බවත් ප්‍රගීත් රැගෙන අක්කරෙයි පත්තු ගිය ඝාතක කණ්ඩායම එහිදී ක්‍රියාකළ ආකාරය පිළිබද තොරතුරු සියල්ලම තහවුරු කර ගැනිමට රහස් පොලිසියට හැකිවි ඇති අතර ඒ සියල්ලටම අනුව වැරදිකරුවා අන් කවරෙකුවත් නොව “ප්‍රා” නායක පාඨ්ළී චම්පික රණවක බවයි.

ඒ අනුව ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව මසක් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සිව්දෙනෙක් එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (19) නියෝග කළ අතර
එමෙන්ම ඇප ලබාදුන් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් හා සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.

ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ ඇප ලැබූ අතර මීට අමතරව සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නොහොත් නාදන්, සාජන් මේජර් වඩුගෙදර විනී ප්‍රියන්ත ඩිලංජන් උපසේන නොහොත් සුරේෂ්, කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි රිමාන්ඩ් භාරයේ පසුවෙති.

ඔවුන් සම්බන්ධයෙන් ඇප සලකා බැලීම ඔක්තෝබර් 24 වැනිදා සහ නොවැම්බර් 8 වැනිදා අවිස්සාවේල්ල මහාධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

ඝාතන භූමිය අරක්ගත් පාඨ්ළී චම්පික රණවක

ප්‍රගීත් අතුරුදහන් විම,පුජ්‍ය කතළුවේ රතනසිහ නාහිමියන්ට පහරදිම,පුජ්‍ය මාදුළුවාවේ සෝභීත නාහිමි ඝාතනය කිරිමේ අරමුණේන් උන්වහන්සේ වැඩ සිටි රැස්විමකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම,මහාචාර්ය ඒ.ඩි.වී.ද ඉන්ද්‍රරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරිම,ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල් ගුණසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම,සන්දීප් ගුණවර්ධන රීය අනතුරකට ලක්කර පලා යෑම,අචාර්‍ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් ශූරින්ගේ ඡායාරූපයක් විකෘති කර කූට ලේඛන සෑකසිම සහ 2015 ජනවාරි 3 වැනිදා අවි බලයෙන් සහ මැර බලයෙන් ආණ්ඩුව පෙරලන මෙන් සජීව රූපවාහිනි විවාදයකදි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිම……

ප්‍රගීත්ට මරු කැඳවූයේ ‘පාඨලී චම්පික රණවක නම් දේශප්‍රේමීයා නිර්මලා වෙත ළං විය‘ ලිපිය ද? රණවක ගේ අස්වාභාවික ලිංගික ක්‍රියා …. එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

මෙම ලිපියෙහි කිසිම ස්ථානයක කිසිම වෙනසක් සිදුකර නොමැති බව කරුණාවෙන් සලකන්න. එය ඒ ආකාරයෙන්ම ඇත.

පාඨලී චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා ” නිර්මලා වෙත ළං විය.

මේ ලිපිය ලියා මාස කිහිපක ඇතුලත ඊ නිවුස් මාධ්යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සුදුවෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද අතර ඊ නිවුස් කාර්යාලයද ආණ්ඩුවේ මැරයින් අතින් ගිනිබත් විය..ඒ සැදැහැවත් රණකාමී තරුණ උපාසක ඇමැති තැන වූ කලී.. හොරණ තක්ෂිලා විදුහලේ දී නිර්මලා හා අරවින්ද අතර වූ ආදරය විදුහල්පතිට දන්වා අරවින්ද පාසලෙන් ඉවත් කිරීමට කේලම කීවේ අප මේ කියන්නට යන කථා නායකයා ය.

ඒ අරවින්ද අද ක්‍රිඩා අමාත්‍යාංශයේ උසස් නිළදරුවකි. එදා අරවින්ද පාසලෙන් ඉවත් කළ පසු අප කථා නායකයා නොහොත් පාඨලී චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා” නිර්මලා වෙත ළං විය. නිර්මලා රැඩිකල් තරුණියක් සේ පෙනුනා ය. පසුව නිර්මලා 89 කැරැල්ලට හසුව සිරගතව සිටිනවා යැයි චම්පිකට ආරංචි විය. චම්පික වහා ඇය සොයා ගියේය. හමුවීම සිදුවූයේ කොල්ලූපිටියේ යටාරෝ කැෆිටේරියාවේ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරේදී ය. ඇය එ වන විට එක් විවාහයකින් වෙන්ව සිටියා ය. ඔහු ඇයට එදිනම බදින්නට යෝජනා කළේය. පසුව ඇය කෙරෙහි උපන් මහත් අනුකම්පාවෙන් කියා චම්පික රණවක නිර්මලාව විවාහ කර ගත්තේ ය. ඔහුගේ මහත් වූ අනුකම්පාවට ඇය රැවටුණායැයි ඇය එදා දැන සිටියේ නැත.

ක්ෂණික විවාහයක් වූ එදින මංගල රත්‍රියේදීම නිර්මලාව නිරුවත් කරමින් චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා” දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චම්පිකගේ සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමට චන්දනට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හදුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැදීමක් නොමැතිව සිටියාය. බටහිර කාම චිත්‍රපට නැරඹීමෙන් ලිංගික මිථ්‍යා අශාවන්ට ගොදුරු වී සිටි චම්පිකගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැද සිරුරේ පාට තවරමින්ද, තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය ඔහුගේ රහසිගත මිතුරකු වූ ලෝහාන්ට මේපුවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන් ද පාඨලී චම්පිකගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය.

පාඨලී චම්පික දේශපාලනයට අතගසා තිබුනු අතර වසර 2000 දී චම්පික ගේ ගමන වෙනස් වූයේය. ඒ නිර්මලා බලෙන් ම ඔහු හා එක් වී පිළිසිද ගැනීමක් කර ගැනීම නිසාවෙනි. පසුව නිර්මලා පාඨලී චම්පික ට දාව දුවක වැදුවාය. නිර්මලා සිතුවේ දුවක සිටින තාත්තා කෙනෙකු ලෙස චම්පික නරක පුරුදු වලින් මිදී යහපත් වනු ඇති බවයි. එහෙත් දිනක් ඔහුගේ බෑගයේ තිබී තමාගේ නිරුවත් පිංතූර හා සී.ඩී. පට තොගයක් නිර්මලාට හමුවිය. ඇය ඒ ගැන ඇසූ විට ඔහු වැද වැටී යළි එසේ නොකරන බවට දහ අතේපොරොන්දු විය.

පසුව ඔහුගේ දේශපාලන ගමන සවිමත් වී කොළඹ 7 ට ද එහි බලය දැනෙන සමය උදාවිය. කොළඹ 7 පදිංචි විරාජිනී පීරිස් සහ බ්‍රිට්නි පියසේකර ඔහුට මුනගැසෙන්නේ මෙකල ය. ඒ දෙදනාද ඔහුටම කැපෙන ඒ ජාතියේම ගැහැණු වූහ. දෙදෙනාගෙන්ම නිර්මලාගෙන් ලබා ගත නොහැකි විකෘති කම් සුව ඔහුට ලැබිණ. ඔහුට මෙම දෙදෙන හරහා ලෝකයේ ඉහළම පෙළේ කාම වෙළදපොලට ඇතුළුවන්නට හැක විය. ගෙදරත් බිරිදත් දරුවනුත් අමතක විය. නිර්මලා කෙසේ හෝ පාඨලී චම්පික හා පවුල් ජීවිතයක් ගෙන යෑමේ අරමුණින් හෙතෙම ගෙදර ගෙන්වා ගත්තද ඒ හැම දිනකම ඔහු කෙළේ ඇයගේ යෝනි මගට බෝතල් ඇතුළු කර නැරඹීමයි, ඡායාරූප ගැනීමයි. මේ අතර පාඨලී චම්පිකට හෙල උරුමයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වාසනාව ලැබිණ.මාදිවෙල මන්ත්‍රි නිවාසවල චම්පික රණවක තනියම පදිංචි විය. දිනක එහි ගිය නිර්මලාට දකින්නට ලැබුණේ මුළු කාමරය පුරාම කාම සී.ඩී. පට තැන්පත් කර ඇති අන්දමය.

නිර්මලා මේ ගැන ප්‍රශ්න කිරීම හේතුවෙන්ද අලූතින් ලැබී තිබුණු බලයෙන්ද ඔදවත් වූ පාඨලී චම්පික රණවක නම් පාපිෂ්ඨ මිනිසා නිර්මලාව ඇඳක බැද නිරුවත් කර පහර දුන්නේය. ලේ එන තුරු පියයුරු සපා කෑවේ ය. මෙතෙක් දේ සිදු වෙද්දී ලෝකය ඔහු ගැන කිසිවක් දැන නොසිටියහ. ඔහු ලෝකයා ඉදිරියේ පෙනී සිටියේ දේශප්‍රේමී උපාසකයෙකු ලෙසිනි.

පරලෝ සැපත් ශ්‍රීමතාණන් කෙනෙකුගේ දියණියක වූ විමලා එදිරිසිංහ මහත්මිය, උසින් ද මහතින් ද හැඩ රුවින් ද තම පියා ට බොහෝ සෙයින් සමාන කම් ඇති මේ උපාසකයා ට රැවටී සිය පියාගේ උරුමය ගෙන යන ජන්ම අවතාරයයැයි සිතා ඔහුට කොළමින් වටිනා නිවසක්ද පරිත්යාකග කළාය. මෙම නිවස ලැබීමත් සමග ඔහුට නිර්මලාත් දරුවාත් එහි ගෙන එන්නට සිදු වූයේ සිය පක්ෂයේ බල කිරීම නිසාය. නමුත් ඔහුගේ අත් හළ නොහැකි පුරුදුවලින් මිදීමට ඔහුට නොහැකි විය. කිසිවක් කර කියා ගන්නට නොහැකි වූ නිර්මලා පසුව තම දරු පවුල වෙනුවෙන් ඔහුට ඕනෑ මගුලක් කර ගන්නට ඉඩ දී ඉවත බලා ගත්තාය. නමුත් ඒ වන විට ඔහු බොහෝ දුර ගොස් සිටි නිසා ඔහුට පවුල මදි විය. අවසන පාඨලී චම්පික රණවක සිය කාම අංගනාවන්ගෙන් අයෙක් වන පෙර සඳහන් කළ නාවල බ්‍රිට්නි පියසේකර සමග ඇයගේ නිවසේ පදිංචියට ගියේය. ආයු පිරිහී සිටි බ්‍රිට්නි පියසේකර අවසානයේ මිය ගියේ ඇගේ කෝටි 2 1/2 වටිනා මුළු දේපොල ම ඔහුට පවරා දීමෙනි.

බ්‍රිට්න් කෙතරම් විවෘතව ඔහුට ද ඔහු කොතරම් ඇයට ද කාමාශක්ත වූයේද යත් පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට පත් වූ දා දිවුරුම් දෙන්නට ගියේ තම නීත්‍යානුකූල බිරිඳ කැටුව නොව බ්‍රිට්නි සමගය. සදාචාරවත් පවුල් කෑම ගැන රටට බන කියන හෙල උරුමයේ ශාස්තෘවරු නිහඬ වූහ. මේ 2000 දීය. එදින නිර්මලා තමන්ගේ අසරණ බව තේරුම් ගත්තාය. පක්ෂයේ ශාස්තෘවරුන්ට ද ඇය ඒ බව කීවාය. නමුත් කොළඹ 7 කතුන් සමග බුදියාගෙන වුවද බලය ලැබේ නම් එය ඉවසිය යුතු බව හෙල උරුමයේ ශාස්තෘවරුන්ගේ සම්යක්දෘෂ්ටික විය.

බ්‍රිට්නි පියසේකර මිය යාමෙන් පසු ඔහු වඩාත් ප්‍රචණ්ඩ විය. ඒ ඔහුට ජීවිතයේ ප්‍රථම වරට දේපොලක් හිමි වී තිබීමෙන් ය. බ්‍රිට්නි මියගියේ කැනඩාවේදීය. ඉන් පසු නාවල පිහිටි බ්‍රිට්නි ගේ නිවස ඔහුගේ නිදහස් කාම ආරාමය වූයේය. බෞදධ ජාතික ව්යානපාරය තුළට වැදුණු රතිවතියෝ එහි විත් ඔහුට උමතු කාම සුවය ලබා දුන්නෝය. දිනෙක නිර්මලා එහි යන විට එවන් රතිවතියෝ 12 දෙනෙක් එහි වූහ. ඒ අතර 2007 දී මහින්ද රාජපක්ෂගේ අනුහසින් චම්පික රණවක වඩ වඩා බලවත් විය. කැබිනට් මණ්ඩලයටද හේ ඇතුළු විය. චම්පික විදුලිබල හා බලශක්ති ඇමති ලෙස දිවුරුම් දෙන දා නිර්මලාව උත්සවයට රැගෙන ගියේ බලයෙනි. බලය පෑමට ආවේ සසුන් ගත වූ ත්‍රස්තවාදී අම්මාන්ගේ සහචරයෙකි. ඇමති වූ පසු ඔහු ඇය අතැර නාවල නිවසට ගියේය. දෙමාපිය දබරයෙන් දරුවා හඩා වැටෙන විට දරුවාට තම බඳපටියෙන් මව් බලා සිටියදී ම පහර දීමට තරම් මේ පාපී පුද්ගලයා දරුණු විය.

සිය පියාගේ කාම විකෘතිය දරුවන්ට නොරහසක් විය. ඔහුගේ වැඩිමල් දියණිය තම පියා නරඹන කාම චිත්‍රපට ගැන පිළිකුල් සහගත කරුණු ගැන තම විදුහලේ ගුරුවරුන් සමග හෙළි කළේ ය. යුද්ධය ඇවිලී යද්දී යුද්ධ රසය සමග කාම යුද්ධ රසයක් ද ඔහුට ලැබුණේය. යුද්ධ හමුදාවේ සිටි තිරශ්චීන කාම උමතුවෙන් පෙළුණු ඔහු වැන්නන්ගෙන් ඔහුට අගනා කාම තෑගි ලැබුණේය. එවා අතර අල්ලා ගත් දෙමල කොටි සංවිධානයේ කාන්තා සෙබලියන් සමූහ වශයෙන් දූෂණය කරන සිද්ධීන් පටිගත කළ දර්ශණ ද විය. ඒවා දුටු නිර්මලා ඔහුට ශාප කළාය. ශාප කිරීමට දඩුවම් ලෙස ඔහු ඇයව ඔසවාගෙන ගොස් ඇදේ බැඳ නිරුවත් කර මදන රකුසෙකු සේ හැසිරුණේය. ඒ අතර වාරේ කතුන් දූෂණය කරන දසුන් ඇතුළත් සී ඩී පට ධාවනය කරමින් ඒවායේ හඩ වැඩිකරමින් උමතු වන්නට විය. මෙම බිහිසුණු විකාරය ඔහුගේ දියණිය සියැසින් ම දුටුවාය.

එදින පටන් වැඩිමල් දියණිය පියා දුටු තැන මගහරින්නට වූවාය. එවිට ඔහු කළේ තමන් හා කතා කිරීමට දරුවන් ට බල කිරීමය. පහරදීමය. පසුව නිර්මලා දරුවන්ද රැගෙන ඇයට අයත් නිවසට ගියාය. පියාත් දරුවන් හා බිරිදත් දෙපොලක ජීවත්වීම ඇරඹුණේය. රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ නිර්මලාට අයත් නිවසට දිනක් රාත්‍රියේ පැමිණි ඇමති චම්පික රණවක සිය නිල රිවෝල්වරය ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව දූෂණය කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි.

පසුව ඇය වෙත පැමිණි චම්පික රණවක ඇමැත්තා එම පටිගත කර ගත් දර්ශණ ඇයට පෙන්වා දික්කසාදය ඉල්ලා සිටියේය. තවද ජ්යොඇතිෂ්යත හේතු මත තම ජීවිතයට ඇයගෙන් අපල ඇති බවද පුන පුනා කීවේය. ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඇයට අමානුෂික අන්දමින් පහර දුන්නේය. එම පහරදීම් හා බලහත්කාරකම් කලක් තිස්සේම සිදු කෙරිණ. ඇය පක‍ෂයේ ශාස්තෘවරුන්ගෙන් මේ ගැන යුක්තිය අයැද සිටියාය. ඔහුගේ සහචර බලවේග සියල්ලටම කියා සිටියාය. එහෙත් ඒ කිසිවෙක් ඇය වෙනුවෙන් කථා නොකළෝය.

මේ අතර චම්පික රණවක සිය අමාත්‍යාංශයේ නිලතල වලට සිය කාම සහායකයන් පත් කර ගත්තේය. පක්ෂය ගොඩ නැගීමට ඇප කැප වූ අය මෙම විපිරියාසය දැක දැක නිහඩ වෙති. එහි රහස දන්නේ නිර්මලාය. කාම පිපාසිත මිතුරන් කැළ අමාත්‍යාංශයේ උපද්ශකයන් හා බලවතුන්වීම නිසා පක්ෂයේ උරුමකරුවන් ට කළ දෙයක් නොහැකිවීම ඊට හේතුවයි. දිනෙක අමාත්‍යාංශයට ගිය ඇයවද එළවා දැමීමට ක්‍රියා කළේ ඒ කාම මිත්‍යා සහචරයෝය.

ඇයට මරණ තර්ජන වැඩිවිය. ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන් දෙදෙනා ද සමග වෙන්වන ලෙසය. ඇය අවසානයේ එම ඉල්ලීමට එකඟ වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇදුම් මසා විකුණා උපයාගත් මුදලින් ගොඩනගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ලකා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා දීමට අවසානයේ එකග වූයේ සිය ප්‍රාණ භුක්තියට යටත්වය. පාඨලී චම්පික ඇමැත්තෝ එතරම්ම බෞද්ධ මානව ප්‍රේමයෙන් ත්‍යාගශිලිත්වයෙන් ද යුක්ත වූහ. රටේ අවධානය ප්‍රභාකරන්ගේ මරණය වෙත යොමු වී තිබූ අවස්ථාවේ ඔහු දික්කසාදය ඉල්ලා අධිකරණයට නඩුවක් ගොණු කොට සිය බිරිද නිර්මලාගෙන් වෙන් වීම ලබා ගත්තේය. දැන් ඔහු ජයග්‍රහාහීය . ධනයත් නිදහසත් ඇත. අවල කෙළි කෙළින්නට බාධාවක් ද නැත. යුද්ධ ජය සමරා රටම කිරිබත් කද්දී ඔහු 16 වසරක් තමන්ව රැකගත් සිය බිරිදත් තම ජාන වලින් උපන් දරුවනුත් පන්නා දමා සිය ගහල දිවියට නිදහස උදාකර ගත්තේය.

ඉතින් පින්වත්නි ධර්මරාජ්යික එක් පියවරක් එසේ අවසන් වූ වගයි..

මෙම ලිපිය 2009 දෙසැම්බර් 08 වන දින —ලංකාඊනිවුස්˜වෙබ් අඩවියේ නම් පමනක් වෙනස් කොට පලවී තිබුන අතර මේ වනතුරුත් මෙහි කථානායකයා එහි කිසිවක් ප්‍රතික්ෂේප කර නොමැත. මෙම ලිපිය වෙනුවෙන් දක්වා තිබූ පාඨක ප්‍රතිචාර බොහොමයක මෙම සිද්ධිය සත්වූ බව සනාථ කර තිබුනු අතර ඒ අතර ඔහුගේ විශ්වවිද්‍යාල සම කාලීනයන් සහ පෞද්ගලික දැන හැඳුනුම් ඇති අයද විය. මෙම ලිපිය පලවීමෙන් අනතුරුව උරනවූ මොහු සිය බිරිඳට සහ දරුවාට නඩත්තු මුදල් ගෙවීම නතර කර දමා ඇති බවද වාර්තාවේ.

“ඔපරේෂන් ඩබල් එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම(අහන්න)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පසුගිය රජයේ බලධාරින් දෙසීයක් එකට ගමන් ගන්නා ගුවන් යානාවට මිසයිල ගැසීමට ඊළාම් ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසුව සිංහල කොටින් හා කොටි ත්‍රස්තයන් කළ සැලසුමක තොරතුරු පසුගිය සතියේ හඬපටයක් හරහා එළියට ආවේය.මෙකී ආන්දෝලනාත්මක හඬපටය ගැන මුලින්ම කරළියට එන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධව කෙරෙන රහස් ‍පොලිස් පරීක්ෂණවලදීය.

“ඔපරේෂන් ඩබල් එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම(අහන්න)

“ප්‍රගීත්” ඝාතකයා “පාඨ්ළී” බව දුමින්දගේ පත්තරේත් සටහනක්

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිටුපස ආණ්ඩුවේ ප්‍රභලයෙකු සිටින ව පසුගියදා පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිලද අනාවරණය කල අතර ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව ලැජ්ජා සහගත ලෙස බුද්ධි අංශ හා හමුදාව පාවාදෙන බවයි.

“ප්‍රගීත්” ඝාතකයා “පාඨ්ළී” බව දුමින්දගේ පත්තරේත් සටහනක්

ප්‍රගීත් ඝාතනය කළේ පාඨලී චම්පික-මාලිගාවත්තේ කුඩුසුද්දා පාපෝච්චාරණය කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා මාලිගාවත්තේ පාතාල කල්ලියක දින 3 ක් රඳවාගෙන චම්පික සහ නිර්මලා සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපිය ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ මාලිගාවත්තේ දී අත් අඩංගුවට ගත් කුඩුසුද්දා නමැති පාතාල සාමාජිකයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.

මාලිගාවත්තේ පාතාල කල්ලියකට අනුබද්ධව කුඩු බිස්නස් කළ දෙමළ ජාතික මැරයන් දෙදෙනෙකු මගින් 2010 ජනවාරි 24 දා රාත්‍රියේ මාලිගාවත්තේ දී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව පැහැර ගැනීමෙන් පසු මාලිගාවත්තේ පාතාල තිප්පලකට රැගෙන ආ බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙළේ තමන් බවත් අත් අඩංගුවට ගත් කුඩුසුද්දා විසින් පිළිගෙන තිබේ. ‍

මෙම ප්‍රශ්න කිරීම් දින 3 ක් තිස්සේ සිදුකරන ලද අතර මූලික වශයෙන් ප්‍රශ්න කර ඇත්තේ කාරණා දෙකක් බවත් ඉන් ප්‍රධාන කාරණාව වූයේ චම්පික සහ නිර්මලා සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියා අඩවි වලට යැවීමට සූදානම් කරන ලද ලිපිය ක් පිලිබඳ බවත් දෙවැනි කාරණාව වූයේ ෆොන්සේකා මහතා සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතර තිබූ සම්බන්ධය කුමක්ද යන්න බවත් කුඩුසුද්දා පාපෝච්චාරණය කර ඇත.

ඉන්පසුව එම කුඩු තිප්පලේ දෙවැනි කල්ලි නායකයා ලෙස කටයුතු කළ ටොප්ගන් සමන්ත නැමැති මැරයා පැමිණ ‘‘අපිට මෙයත් එක්ක ගමනක් යන්න තියෙනවා“ කියා ප්‍රගීත් එක්නැලිගොඩව රැගෙන ගිය බවත් ඉන් පසු තමා ප්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් නුදුටු බවත් කුඩුසුද්දා වැඩි දුරටත් පාපෝච්චාරණය කර තිබේ.

ඉහත කී ටොප්ගන් සමන්ත වැඩ කර ඇත්තේ කුඩු ප්‍රින්ස් නමැති පාතාල නායකයා යටතේ ය. ටොප්ගන් සමන්ත ට නියෝග දිය යුත්තේ කුඩු ප්‍රින්ස් වන අතර ඒ දිනවල මාලිගාවත්තේ බ්ලූ ස්ටාර්ස් නැමැති පාතාල තිප්පොලේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ කුඩු ප්‍රින්ස් ය.

ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියූ ‘පාඨලී චම්පික රණවක නම් දේශප්‍රේමීයා නිර්මලා වෙත ළං විය‘ නමැති පොත එවක පැවැති මහමැතිවරණය ඉලක්ක කරමින් ලියූ හෙලිදරව්වකි. එනම් ඒ වන විට කිසිවෙක් කතා නොකර තිබූ චම්පික විසින් නිර්මලා සමග කරන ලද විකෘති කාමාසා සපුරගැනීම් ආදිය විග්‍රහ කෙරෙන පොතකි. මෙය අන්තර්ජාල වෙබ් අඩවි වලට ලබා දීමට එවක එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කළ මංගල සමරවීර සූදානම්ව සිටි අතර ඔහුගේ රාජගිරිය කාර්යාලයේ තිබූ සෝදුපත් බලමින් තිබූ කම්පියුටර් ටයිප් ෆ්ලොෆි ඩිස්ක් එක යම් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණ.

පසුව එම සෝදුපත් බලමින් තිබූ කම්පියුටර් ටයිප් සෙටින් පිටපතේ කොපියක් පෙන්වා ප්‍රකට මුද්‍රණකරුවෙකු වූ කෙලී සේනානායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ එම ලිපිය රුවන් ෆර්ඩිනැන්ඩස් ගේ වෙබ් අඩවි වලට දාන්න ගියේදැයි දැන ගැනීමට ය. තමන් එවැනි ලිපියක් අන්තර්ජාලයට දැමීම සඳහා බාරගෙන නැතැයි රුවන් ෆර්ඩිනැන්ඩස් පැවසූ විට, ලිපිය ලිව්වේ කව්දැයි රහස් පොලිසිය විමසා සිටි නමුත් තමන් ඒ ගැන නොදන්නා බව ඔහු පවසා තිබිණ. ප්‍රගීත් පැහැරගත් දිනවලදීම රුවන් ෆර්ඩිනෑන්ඩර්ස් විසින් මේ සම්බන්ධයෙන් තමා තුල තිබූ සැකය හෙලිකරමින් අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකට පවසා සිටියේ එම පිටපතේ ප්‍රගීත් විසින් සෝදුපත් බලා සටහන් තබා තිබූ බව තමන් දුටු බවත් තමන් ප්‍රගීත්ගේ භාෂා විලාශය හඳුනාගත් බවයි. එවැන්නක් පිටතට ගියේ කෙසේද?

මේ අතර ප්‍රගීත්ගේ පැහැරගැනීම ගැන යලිත් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව කීර්ති කුමාර ලොකුලියන නමැති මාධ්‍යවේදියෙක් රහස් පොලිසියට සාක්ෂියක් දෙමින් මෙම ලිපිය ගැන සඳහන් කර තිබූ අතර ප්‍රගීත් විසින් සකස් කරන ලද ‘පාඨලී චම්පික රණවක නම් දේශප්‍රේමීයා නිර්මලා වෙත ළං විය‘ නමැති ලිපියේ කොපියක් ප්‍රේම් කුලතිලක නමැති අයෙක් සොරකම් කරගෙන ගොස් තිබුනා යැයි ඔහු විසින් පවසා තිබිණ.

මංගල සමරවීරගේ කාර්යාලයේ තිබූ අත් පිටපතක් මුද්‍රණය කිරීමටත් පෙර චම්පික රණවක වෙත ගියේ කෙසේදැයි යන සැකය නිරාකරණය වන්නේ මංගල සමරවීර මහතාගේ දීර්ඝ කාලයක් ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තා චම්පික රණවකගේ රහසිගත ගෙවීම් ලැයිස්තුවක සිට හසුවීමෙනි. එය එකළ මාධ්‍ය මගින් හෙලිදරව්වීමෙන් පසුව පොලිසිය ඔහුගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මේ වන විට ඔහු සහ චම්පික රණවක අතර ඇති රහසිගත සම්බන්ධය හෙලි වී හමාරය. ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමත් සමග චම්පික රණවක ගේ ප්‍රතිරූප නැංවීමට චම්පික සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් ෆර්ඩිනැන්ඩස්ට අයත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම යි. ඒ සඳහා ෆර්ඩිනැන්ඩස් විසින් විශාල මුදලක් චම්පික රණවකගෙන් ලබා ගත් නමුත් තමන්ට කිසිදු ගෙවීමක් කෙළේ නැතැයි එම සම්මුඛ සාකච්ඡා මෙහෙයැවූ මාධ්‍යවේදිනියක් අනාවරණය කළාය.

මේ අතර රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් මෙහෙයවන වෙබ් අඩවියක එංගලන්තයේ සිටින සෙවනැලි කර්තෘ වරයා එජාප ප්‍රධානියෙක් අමතා පසුගියදා කියා සිටියේ චම්පික රණවක වැඩක් කළ හැකි මිනිහෙක් බවත් ඊලඟ ආණ්ඩුවකදී ඔහුට වැදගත් ඇමතිකමක් දී වැඩක් ගන්නා ලෙසත් ය. මේ ප්‍රකාශයෙන් එජාප ප්‍රධානියා විපිළිසරව ගොස් තිබුනේ රනිල්ට එලෝ එලෝ මඩ ගහපු එකාව ආයිත් පුම්බන්න කියමින් මේ යෝධයා කියන්නේ කුමක්ද? කියා ය. ඔහු යැපෙන්නේ චම්පික රණවකගේ ප්‍රතිරූප නැංවීමට ක්‍රියා කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ සෙවනැලි කතුවරයා ලෙස බැවින් කාරණාව පැහැදිලි වී තිබේ.

මේ සියලු කාරණා අනුව මංගල සමරවීරගේ කාර්යාලයේ තිබූ ප්‍රගීත් ලියූ ‘පාඨලී චම්පික රණවක නම් දේශප්‍රේමීයා නිර්මලා වෙත ළං විය‘ පිටපත නැතිවූයේ කෙසේදැයි තක්සේරුවකට පැමිණිය හැකිය. නමුත් ඊට සතියකට පසුව ලංකාඊනිවුස් වෙබ් අඩවියේ එම ලිපිය පළ විය. රුවන් ෆර්ඩිනැන්ඩස් චම්පික රණවක සමග පවත්වාගෙන යන රහසිගත සම්බන්ධතා හෙලිදරව් වීමෙන් පසුව මංගල සමරවීර මහතා මේ වන විට රුවන් ෆර්ඩිනැන්ඩස් තම ලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ.
ප්‍රගීත්ගේ පැහැරගැනීම සහ ඝාතනය කරුණා ගේ වැඩක් ලෙස කරුණු විකෘති කිරීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට අයත් මාධ්‍ය ඉතාමත් තුච්ඡ වෑයමක යෙදෙන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය.

ප්‍රගීත් ඝාතනය කළේ පාඨලී චම්පික-මාලිගාවත්තේ කුඩුසුද්දා පාපෝච්චාරණය කරයි



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad