සාම්පූර් බලාගාරය ඉදිකිරීමට නියමිතව තිබූ ස්ථානයේ ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවත් එම බලාගාරයෙන්ද ගල් අඟුරු බලාගාරයෙන් ලබා ගැනීමට නියමිතව තිබූ මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් නිපදවීමට අපේක්ෂා කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ ලේකම් බි.එම්.එස් බටගොඩ මහතා පවසයි.
සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ කටයුතු නවත්වා ඒ වෙනුවට කෙරවලපිටිය බලාගාරය ඉදිකිරීමට රජය මීට මාස හයකට පෙරදී තීරණය කර තිබූ බවද හෙතෙම සදහන් කළේය.
සාම්පූර් ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම්කර ඇති බැවින් පාරිසරික හානිය අවම කිරීම සඳහා මෙම තීරණය අමාත්‍යංශය ගෙන තිබියදී පෞද්ගලික ආයතනයක් නිකරුනේ නඩු පවරා තිබෙන බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
No comments:
Post a Comment