වැඩ වර්ජනයේ නිරතව සිටින කම්කරු නිලධාරීන් අද (15) සේවයට වාර්තා නොකරන්නේ නම් නිවාඩු අවලංගු කිරීමට පියවර ගන්නා බව කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය ඔවුන්ට ඊයේ (14) දැනුම්දී ඇත.
රාජ්ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය ක්රියාත්මක කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය වීම පිළිබඳව අවධානය යොමු කර එම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවද අමරතුංග මහත්මිය ඔවුන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.
කෙසේවෙතත් රාජ්ය සේවා කම්කරු නිළධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ සිය ඉල්ලීම් ලැබෙන තුරු වෘත්තීය සමිති ක්රියාමාර්ගය නතර නොකරන බව යි.
එම සංගමයේ සභාපති අයි.සී. ගමගේ මහතා පවසන්නේ අද දිනයේත් අඛණ්ඩව වැඩවර්ජනය ක්රියාත්මක කරන බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්ය සේවා කම්කරු නිළධාරීන්ගේ සංගමය පසුගිය බදාදා දිනයේ සිට වැඩවර්ජනයක නිරත වී සිටියි.
No comments:
Post a Comment