පසුගිය 06වනදා හම්බන්තොට පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව එම පොලීසියේ නිලධාරීන් 04දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇත.
මේ අතර මෙකී සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා එම පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවක් ද ලබාදී තිබුණි.
බඳගිරියේ ගබඩාවක වී මළු 80ක් සොරකම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන් වී අදට දින 9ක් ගතව තිබේ.
මේ අතර ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම සිද්ධියට අදාළව හම්බන්තොට පොලීසියේ නිලධාරීන් සාපරාධි ක්‍රියාවක නිරතවී ඇති බව අනාවරණය වුවහොත් ඔවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
No comments:
Post a Comment