එක්නැලිගොඩ නඩුවේ බුද්ධි අංශයේ 4කට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 19, 2016

එක්නැලිගොඩ නඩුවේ බුද්ධි අංශයේ 4කට ඇප

එක්නැලිගොඩ නඩුවේ බුද්ධි අංශයේ 4කට ඇප

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරුණු බවට චෝදනා එල්ලවී ඇති හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිව් දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය අද(19) ඇප නියම කළේය.

මෙලෙස ඇප නියමවී ඇත්තේ මෙම නඩුවේ 06වන සැකකරු වන ලුතිනන් චමින්ද කුමාර, 07 වන සැකකරු වන මාණ්ඩලික සැරයන් එස්.එම් කණිෂ්ක ගුණරත්න, 08වන සැකකරුවන මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් සහ 09 වන සැකකරු වන සැරයන් ඩී.ජී තරංග ප්‍රසාද් ගමගේ යන පිරිසටයි.

රුපියල් ලක්ෂ 05 බැගින්වූ මුදල් ඇප 4ක්, එක් සැකකරුවෙකුට රු.ලක්ෂ 30 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහාධිකරණය තීරණය කර තිබේ.

එසේම මෙම සැකකරුවන් සෑම මසකම පළවෙනි, දෙවෙනි, තෙවෙනි සහ සිව්වැනි ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද අධිකරණය විසින් නියෝග කර ඇත.

සෙසු සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නොහොත් නාදන්, සාජන් මේජර් වඩුගෙදර විනී ප්‍රියන්ත ඩිලංජන් උපසේන නොහොත් සුරේෂ්, කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි රිමාන්ඩ් භාරයේ පසුවෙති.

 

ඔවුන් සම්බන්ධයෙන් ඇප සලකා බැලීම ඔක්තෝබර් 24 වැනිදා සහ නොවැම්බර් 8 වැනිදා අවිස්සාවේල්ල මහාධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad