විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වූ තොරතුරු අනුව එක් දුම්වැටියක විෂ රසායන ද්‍රව්‍ය 4800ක් ඇතැයි තහවුරු වී තිබෙන බවත් ඒවායෙන් 250කට අධික ප්‍රමාණයක් උග්‍ර විෂ සහිත ද්‍රව්‍ය බවට හෙළි වී තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම විෂ ද්‍රව්‍ය 4800 තුළ පිළිකා ඇති කරන විෂ ද්‍රව්‍ය 65 ක් අඩංගු බවටද හෙළි වී ඇතැයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙරට දුම්පානය කරන පිරිස් අධෛර්යමත් කිරීමට සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද ප්‍රදර්ශනය කළද, දුම්පානය කරන්නන්ගෙන් 75%කට අධික ප්‍රමාණයකට එම රූපමය අවවාද දැකගැනීමට නොහැකි වන බවට හෙළි වී ඇති බවත් දුම්පානය කරන්නන්ගෙන් 75%කට අධික පිරිසක් දුම්වැටි එක, දෙක ආදී වශයෙන් මිලදී ගැනීම එයට හේතු වී ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගමගේ මහතා පැවසී ය.
මේ නිසා දුම්වැටි එක දෙක වශයෙන් විකිණීම තහනම් කර කුඩා පැකට් වශයෙන් අලෙවි කරන වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත් මීට අමතරව තවත් ඉල්ලීම් 09ක්ද ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කළේය.
1990 දශකයේදී ඒකපුද්ගල දුම්වැටි පරිභෝජනය දුම්වැටි 9000 - 9500 ත් අතර ප්‍රමාණයක් වූ බවත්, එහෙත් ගෙවීගිය දශකය තුළ ඒකපුද්ගල පරිභෝජනය දුම්වැටි 15000 - 17000 ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
දුම්පානය කරන්නන්ට වඩා ඒ අවට සිටින පිරිසද විවිධ ලෙඩ රෝගවලට ලක්වන්නේ යැයි තහවුරු වී තිබෙන බවත්, දුම්පානය කරන්නන් ආසන්නයේ සිටින ගැබිනි මවුවරුන්ටද දැඩි අනතුරුදායක තත්ත්වයන් ඇතිවන බවත් සහකාර ලේකම්වරයා සඳහන් කළේය.
No comments:
Post a Comment