ඉදිරිපත් කරන මහජන ගැටලුවලට දින තුනක් තුළ නිසි විසදුම් ලබා නොදෙන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා සඳහන් කරයි.
මහජන දිනය යෙදී තිබෙන බදාදා දිනවලදී ද ඇතැම් නිලධාරීන් සේවයට වාර්තා නොකර නිවාඩු ලබා ගන්නා බැවින් ඈත පළාත්වල සිට රාජකාරී කටයුත්තක් සඳහා පැමිණෙන ජනතාවට ආපසු හැරී යාමට සිදුවන බවට තොරතුරු ලැබි ඇතැයිද ලේකම්වරයා පසුගියදා අමාත්‍යංශයේ පැවති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී පැවසීය.
ඇතැම් සෞඛ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරී ප්‍රශ්නයක් විසදා ගැනීම සඳහා වසර කීපයක්ම අමාත්‍යංශයට පැමිණ ඇති බවද හෙළිව ඇතැයිද ලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.
අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් මෙන්ම සේවකයින්ද රාජකාරිය සඳහා වාර්තා කරනුයේ උදෑසන 8.30න් පසුව බැවින් මින් ඉදිරියට උදෑසන 8.30 න් පසුව පැමිණීමේ වේලාව සටහන් තබන පොතේ රතු ඉර යොදන බවද හෙතෙම පැවසීය.
No comments:
Post a Comment