ඡායා කැබිනට්ටුව ගැන මැති ඇමති අදහස් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 9, 2016

ඡායා කැබිනට්ටුව ගැන මැති ඇමති අදහස් (VIDEO)

ඡායා කැබිනට්ටුව ගැන මැති ඇමති අදහස් (VIDEO)පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශයට පත්කළ ඡායා කැබිනට්ටුව පිළිබඳව ඊයේ (08) පැවති මාධ්‍ය සාකච්ඡාවලදී සහ විවිධ උත්සව අවස්ථාවලදී දේශපාලන නායකයින් ගණනාවක් විවිධ අදහස් පළ කළේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් ජී. පෙරේරා මහතා කියාසිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කරගත් ඡායා කැබිනට්ටුව තුළ අනිවාර්යයෙන්ම සිරගතවීමට නියමිත කණ්ඩායමක් සිටින බවත් ඒ නිසාම ඔවුන් එම ඡායා කැබිනට්ටුවෙත් තවත් ඡායා කැබිනට්ටුවක් නිර්මාණය කරගත යුතු බවත්ය.

මේ අතර වමේ කේන්ද්‍රය නියෝජනය කරන එහි කැඳවුම්කරු චමීර පෙරේර‍ා මහතා අදහස් දක්වමින්, "ඒකාබද්ධ විපක්ෂයට කොහෙන් ගියත් ආපහු අර රජ්ජුරුවෝ ළඟටනේ එන්නේ. දේශපාලනය කරනවා නම් අපිට ඊට වඩා වෙනස් ප්‍රජාතන්තුවාදයට ගරු කරන නායකයෙක් හොයාගන්න එපායැ" යි ප්‍රකාශ කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය කියාසිටියේ, " රාජපක්ෂවරුන්ට තමයි ඒකෙත් හොඳම ටික. ඡායාවේ උනත් බෙදාගෙන තියෙන්නේ. අර ගොඩාක් කඩේ යන අයට, නිකං කෑ ගහගෙන එළොවක් මෙලොවක් නැතුව තේරුමක් නැතුව බලය පමණක් ඕන කියන අයට නිකං පොඩි පොඩි දේවල්." දී ඇති බවයි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad