වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම්පතක් සැප්තැම්බර් මස 08 වනදා සලකා බැලීමට අද (25) කොළඹ මහාධිකරණය තීරණය කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් තමා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නියෝගය නීතියට පටහැනි බව අදාළ ඇප අයදුම්පත ඉදිරිපත් කරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප්‍රකාශ කර ඇත.
එබැවින් එය ප්‍රතිශෝධනය කර තමන්ට ඇප ලබා දෙන ලෙස අනුර සේනානායක මහතා ඉදිරිපත් කළ ඇප අයදුම්පත මගින් ඉල්ලා ඇත. එසේම ඇප අයදුම්පතට අදාළ විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ඇප අයදුම්පතේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසට අධිකරණය නොතිසීද නිකුත් කළේය.
Monday, July 25, 2016
අනුර සේනානායකගේ ඇප අයැදුම සලකා බැලේ….
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment